දූෂිත නායකයින් ලඟදීම හිරේ - නව පක්ෂය නැති වෙන හැටි රාජිත හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

දූෂිත නායකයින් ලඟදීම හිරේ - නව පක්ෂය නැති වෙන හැටි රාජිත හෙළි කරයි

දූෂිත නායකයින් ලඟදීම හිරේ - නව පක්ෂය නැති වෙන හැටි රාජිත හෙළි කරයි

ඒකාබද්ධ විපක්ෂය නායකයින් ඉදිරියේදී හිරේ විලංගුවේ වැටුනාම නව පක්ෂය හොයා ගන්නත් බැරි වෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ පසුගියදා පයාගල රාජිත සේනාරත්න ක‍්‍රීඩාංගණයේ දී පැවති රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කරන ලද පිය සෙනෙහස අහිමි වූ දරුවන් 200 කට පාසල් උපකරණ බෙදාදීමේ “ස්ව ශක්ති මාතා”  වැඩසටහනේ දෙවන අදියරට සහභාගී වෙමිනි. 

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“නව දේශපාලන පක්ෂ නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙනවා. එහි නායකයින්ට එරෙහිව ඇති චෝදනා විමර්ශණය වෙමින් පවතිනවා. ඉදිරියේ එම නායකයින් හිරේ විලංගුවේ වැටුනාම නව පක්ෂය හොයා ගන්නත් බැරි වෙයි. නායකයෝ සිරගෙදරට ගිය පසු අනෙක් පිරිසට වෙන දෙය හිතා ගන්න බැරි වෙයි.” 

“රටේ ජනාධිපතිවරයාගේ බලතල අඩු කර සමාන පුරවැසියෙකු බවට පත්කර තිබෙනවා. අපි මැතිවරණ ක‍්‍රමය වෙනස් කරනවා. තොරතුරු දැන ගැනීමේ පනත ගෙන එනවා. විගණන පනත ගෙන එනවා. යහපාලන රජය පවා අද ඇමැතිවරුන්ට විවේචනය කිරීමේ නිදහස ලබා දී තිබෙනවා. අපේ රජයේ දුර්වලතාවය තමයි රාජපක්ෂ සමයේ සිදු වූ මහාපරිමාන මුදල් කොල්ල කෑ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරිමයි. ඔවුන් කොල්ල කෑ මුදල් ප‍්‍රමාණය සොයාගන්න පවා අමාරුයි. එම මුදල් රටවල් 07 ක තැන්පත් කර තිබෙනවා. උපක‍්‍රමශීලිව තමයි මුදල් තැන්පත් කර තිබෙන්නේ. ඩුබායි බැංකු ගිණුම්වල අංක සහ මුදල් ප‍්‍රමාණ පිළිබද තොරතුරු අප ලබාදුන්නා. ඒවා ගැන සිදු කරන පරීක්ෂණ කඩිනම් කළ යුතුයි.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

No comments:

Post a Comment

Post Bottom Ad