පළාත් පාලන සීමා නිර්ණ අභියාචනා වාර්තාව දෙසැම්බර් අගදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

පළාත් පාලන සීමා නිර්ණ අභියාචනා වාර්තාව දෙසැම්බර් අගදී

පළාත් පාලන සීමා නිර්ණ අභියාචනා වාර්තාව දෙසැම්බර් අගදී

පළාත් පාලනය පිළිබඳ සීමා නීර්ණය කිරීමේ අභියාචනා විමර්ශන කමිටු වාර්තාව එළැඹෙන දෙසැම්බර් තුන්වැනි සතියේදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට ලබාදීමට නියමිත බව වාර්තා වේ.

එම කමිටුවේ ලේකම් කේ. ඒ. සුභද්‍රා වල්පොල මහත්මිය විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි මහතාට මේ බව දැනුම් දී තිබේ.

මේ දක්වා එම කමිටු වාර්තා සකස් කර අවසන් නොමැති බව සීමා නීර්ණය කිරීමේ අභියාචනා කමිටුව සඳහන් කරයි.

මෙම විමර්ශන කමිටු වාර්තාව නොවැම්බර් මස 07 වැනිදා ලබාදිය හැකි බවට කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා විසින් පසුගියදා අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බවත් කමිටුවේ තීරණය පසුගිය 07 වැනිදා අමාත්‍යංශයට දන්වා තිබෙන බවත් මේ පිළිබඳව කළ විමසීමකදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad