හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් - කිලි අහුවෙන නිසා දරුවා ළඟට එන්න දුන් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් - කිලි අහුවෙන නිසා දරුවා ළඟට එන්න දුන් නෑ

හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක්
කිලි අහුවෙන නිසා දරුවා ලැබී මාස තුනක්
එයාට දරුවා ළඟට එන්න දුන් නෑ

 - ටෙලි නිළි භාග්‍යා ගුරුසිංහ

මින් ටික කලකට පෙර ටෙලි නාට්‍ය රැසක පෙනී සිටි නවක නිළි භාග්‍යා ගුරුසිංහ විවාහයෙන් පසු ක්ෂෙත්‍රයෙන් තරමක් ඈත් වුණා. 

ඇය විවාහවූයේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ පුත්‍රයා වූ පියුෂාන් සමගින්ය. මේ හේතු කොට විවිධ දේව විශ්වාස මත පදනම්ව ඇගේ පළමු දරු උපතින් පෙර සහ පසු කාලය ගෙවුණ බව ඇය හෙළිදරව් කර තිබේ.මෙම විශ්වාස නිසා ඇය සැමියාව ගෙදරටවත් වැද්දාගෙන නැත.

ඒ ගැන ඇය මෙසේ කියයි.

‘දැන් පුතාට මාස හතක් නේ. වැඩිපුරම "ආව්, ආව්" කියලා තමයි කියන්නේ. දැන් ටික ටික හිටගන්නත් උත්සාහ කරනවා. එයා ලැබුණ මුල් කාලෙ මං ඉතින් තනියෙන්ම තමා වැඩ කරගත්තේ. කතරගම දේවාලයට සම්බන්ධ නිසාම පියුෂාන්  පුතාගෙන් වෙන්වෙලා හිටියා.

පුතා ලැබිලා මාස තුනක්ම පහුවෙනකල් කිලි කියලා බබාගේ තාත්තටවත්, සීයටවත් එයාව බලන්න එන්න විදියක් තිබ්බේ නැහැ. මාස තුන පහු වෙනකල් එයාලා ඇඟිලි ගැන ගැන හිටියේ. මට පුතාව ලැබෙන්න ඉද්දී ත් එයා ඈත්වෙලා හිටියේ. ක්ලිනික් ගියෙත් අම්මා එක්ක.

ඒ මාස තුන පියුෂාන් ඔයාවයි, බබාවයි දැකගත්තේ කොහොමද?


වීඩියෝ කෝල් තමයි.


ෆොටෝ යවනවා. වීඩියෝ යවනවා. පුතා අතක් ඉස්සුවත් වීඩියෝ කරලා යවනවා. ඒ දවස්වල එයාට අපේ ගෙදර ගේට්ටුවෙන් ඇතුළට එන්න බැහැ. පියුෂාන් ගේට්ටුව ළඟ ඉන්නවා. අපි ඇතුළේ ඉඳලා බබාව පෙන්වනවා. මාස තුනම එහෙම තමයි කළේ.

ඒ මාස තුන අවසානේ පියුෂාන් පුතාව දැකපු මුල්ම දවසේ එයා මොනවද කළේ?

එයා එද්දී ගෙදර කහ වතුරෙන් සෝදලා පිරිසුදු කරලා තිබුණා. දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් නේ. රජෙක් එනවා වගේ. ආපු ගමන් බබාව අරගෙන ඉම්බා. බබාත් එකපාරම හූ කියලා සතුටින් කෑ ගැහුවා. එදා දවසම තාත්තාගෙ ඇඟේ හිටියේ. ඇඬුවෙත් නැහැ. එහෙම ගියාම, එහේ අයත් රඟපාන්න කියලා කියනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවද?

මොකුත් නෑ. මේ යන විදියට යනවා. රඟපාන්න ගත්තොත් මේ වැඩ ටික කරගන්න බෑ..මට තව දරුවෙක් ඕන. හැබැයි දුවෙක්ට තමයි ආස. දේවාලේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න පුතෙක් ඉන්නවනේ.

සාකච්ඡාව - හංසි ආටිගල / ඡායාරූප - හෂාන් ගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad