නව ව්‍යවස්ථාව කඩිමුඩියේ හැදෙන හැටි විමල් හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

නව ව්‍යවස්ථාව කඩිමුඩියේ හැදෙන හැටි විමල් හෙළිකරයි

නව ව්‍යවස්ථාව කඩිමුඩියේ හැදෙන හැටි විමල් හෙළිකරයි

යෝජිත නව ව්‍යවස්ථාව ලබන වසරේ මුල් මාස කිහිපය තුළ ජනතාවගේ අවධානය වෙනතක යොමු කරවා කඩිමුඩියේ සම්මත කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 27 වැනිදා හංවැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති දේශනයක් අතරතුරදීය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා," පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරලා, 2017 මාර්තු මාසයට පෙර ජනමතවිචාරණයට දමලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එන්න සියල්ල සූදානම් කර තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නිර්දේශ ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අනුකමිටු 06ක් හැදුවා. ඒ අනුකමිටු හය පසුගියදා තමන්ගේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වාර්තා පිළිබඳව විවාද කිරීම 2017 ජනවාරි 09 වැනිදා සිට දින 3ක් අැතුළත අවසන් කළ යුතුයි. ඊට පසුව ඒ වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තිබෙන මෙහෙයුම් මණ්ඩලයට යවනවා. එතැනදී අවශය නම් පමණක් වෙනස්කම් සිදුකරනවා. නැත්නම් ඒ අනුකමිටු වාර්තාවල ඇතුළත් නිර්දේශවලින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හදලා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒකට තුනෙන් දෙකක් ලැබුණා කියලා හිතමු. ඊට පසුව ඒ කෙටුම්පත, කැබිනට් අනුමැතියටත් ගිහින් අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළොත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහින් ආපහු අවසාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලෙස පාර්ලිමේන්තුවට ඒවි" යනුවෙන් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad