රජයේ උත්සවයේ අලි සළකුණ නිසා විරෝධයක් - උත්සවයට පෙර තොරණ වසා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

රජයේ උත්සවයේ අලි සළකුණ නිසා විරෝධයක් - උත්සවයට පෙර තොරණ වසා දමයි

රජයේ උත්සවයේ අලි සළකුණ නිසා විරෝධයක් - උත්සවයට පෙර තොරණ වසා දමයි

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉකුත් 13දා පැවති නිල මෙහෙවර ජංගම සේවා වැඩසටහන වෙනුවෙන් ඉදි කරනු ලැබූ ප්‍රධාන තොරණේ දෙපස අලි දෙදෙනෙකු ප්‍රදර්ශණය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් පියවර ගෙන ඇතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඊට විරෝධය පෑම හේතුවෙන් පිළිගැනීමේ තොරණේ අලි දෙදෙනා වසා දැමීමට උත්සව සංවිධායකයෝ පියවර ගෙන තිබුණි.

ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන නිල මෙහෙවර වැඩසටහනේ ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජංගම සේවා වැඩසටහන පෙරේදා (13) ඉමදුව බටේමුල්ල ජාතික පාසැල් පරිශ්‍රයේදී පැවැත්විනි.

මෙම උත්සව භූමියට ඇතුලුවන ස්ථානයේ ප්‍රධාන තොරණ පෙරේදා(13) අළුයම් කාලයේදී සවි කරනු ලැබූ අතර එහි දෙපස අලිදෙදෙනකුගේ ලාංඡනයක් ප්‍රදර්ශණය කරනු ලැබුනි.

නමුත් මෙයට ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ පිරිසක් විරෝධය පලකිරීම හේතුවෙන් තොරණේ දෙපස තිබූ අලි දෙදෙනාගේ ලාංඡනය වසා දැමීමට උත්සව සංවිධායකයින් පියවර ගෙන තිබුනි.

මේ  සම්බන්ධයෙන් හබරාදුව ඒක්සත් ජාතික පක්ස ප්‍රධාන සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතාගෙන් අප කල විමසුමකදී මෙසේ පැවසීය.

“අපි මේ තොරන නිර්මාණය කලේ  උත්සවයේ අලංකාරය වැඩි කරන්නයි. එහි දෙපස වූ අලි දෙදෙනාගේ ඡායාරූපයන්ට පිරිසක් විරෝධය දැක්වූවා. ඒ නිසා විෂය භාර අමාත්‍යවරයාගේ උප‍දෙස් පරිදි එම අලි දෙදෙනා  උත්සවය අවස්තාවේ ආවරණය කර තබන්න කටයුතු කලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එන උත්සව වලදී නිල්කොඩි අදිනවා බැනර් දමනවා මෑතකදී පැවති අහංගම හොටල් පාසැල විවෘත කිරීමේ උත්සවයේදිත් එහෙම කලා. නමුත් අපි ඒවාට විරුද්ධ උනේ නෑ. හැබැයි සමහරුන් හබරාදුව අලි සළකුණටත් බියක් දක්වන බව මේ වැඩ වලින් පේනවා.

මේ  සම්බන්ධයෙන් හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ඛනිජතෙල් සම්පත් සංවර්ධන හා පෙට්‍රොලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගෙන් අප කල විමසුමකදී  ඒ මහතා මෙසේ කීය.

“ඇත්තටම විවිධ බුද්ධි මට්ටම් තියෙන අය අපේ සමාජයේ ඉන්නවා. මම හිතන්නේ අපි කතා කරන්න ඕනෑ රටේ වැඩපිළිවෙල ගැන. ඉතින් මේ සුළු සුළු බුද්ධිය තියෙන අයගේ හැසිරීම මත ඇතිවූ කාරනා මම හිතන්නේ මාධ්‍ය මුල්තැන දිය යුතුනෑ. මේ  වැඩේ ගැන කතාකරමු. බලන්න කොයි තරම් හොද වැඩක්ද මේ වෙන්නේ. ජනාධිපති  තුමාගේ සංකල්පයක්  මත ජනතාවගේ ප්‍රශ්ණ ටික විසදන්න අපි දේශපාලන බේද පැත්තකට  අපි රජයක් හැටියට දාලා එකතු වෙච්චි එක හොද නැද්ද? මේ අලියෙක්ගේ නැට්ටක් අල්ලගන්නවට වඩා මිනිස්සුන්ගේ වැඩ ටික ඉටු කරන එකයි වැදගත්.“ 

ගාල්ල  ලලිත් චාමින්ද

  

 

 

No comments:

Post a Comment

Post Bottom Ad