හුණු - පුවක් භාවිතය අඩු කිරීමට දැඩි පියවර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

හුණු - පුවක් භාවිතය අඩු කිරීමට දැඩි පියවර

හුණු - පුවක් භාවිතය අඩු කිරීමට දැඩි පියවර

දිවයින පුරා පිහිටි සියළුම පාසල් ආශ්‍රිතව මීටර් 500ක් දක්වා දුර ප්‍රමාණයක් දුම්වැටි සහ දුම්කොළ නිෂ්පාදන අළෙවි කිරීම තහනම් කිරීමට යෝජනා කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වූ දුම්කොළ භාවිතය අවම කිරීම පිළිබඳ වැඩමුළුවට සහභාගීවෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,"මේ වනවිට පාසල් ආශ්‍රිත ප්‍රදේශවල මත්පැන් අළෙවි කිරීම තහනම් කරලා තියෙනවා. ඒ ආකාරයට පාසල් අවට ප්‍රදේශවල දුම්කොළ නිෂ්පාදන අළෙවි කිරීම ද තහනම් කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. තවද පුවක් සහ හුණු ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් පුවක් සහ හුණු භාවිතා කිරීමෙන් පිළිකා රෝගීන් වාර්තා වීම බහුල වෙලා තියෙනවා. එම නිසා හුණු සහ පුවක්වලට එරෙහිවත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මම පියවර ගන්නවා" යනුවෙන් කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, "මේ වනවිට ශ්‍රී ලංකාව දුම්කොළ භාවිතය අවම කිරීම සඳහා වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. බදු ප්‍රතිශතය වැඩි කිරීම, ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නතර කිරීම,රූපමය අවවාද සිගරට් පැකැට්ටුවට ඇතුළත් කිරීම ඒ අතර ප්‍රධාන වෙනවා. ඉදිරියේදී සුදු පැහැති සිගරට් පැකට් වෙළඳපොලට හඳුන්වාදීමේ ක්‍රමවේදය ආරම්භ කරනවා. සිගරට් එක බැගින් අලෙවි කිරීම තහනම් කිරීමට ද පියවර ගන්නවා. එක්තරා ඉංග්‍රීසි පුවත්පතක් අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කිරීමේ ක්‍රමවේදයට එරෙහිව දිගින් දිගටම පහර ගහනවා. මහාචාර්ය සේනක බිබිලේ මහතාටත් එවැනි පහර ගැසීම් සිදුවුනා. චරිත ඝාතන සිදුකරන්න පුළුවන්. ඒවාට මුදල් වැයකරයි. එවැනි මඩ ගැසීම්වලට මම බය වෙන්නේ නැහැ. මාධ්‍යයත් වගකීාමන් කටයුතු කළ යුතුයි"ලෙසයි.

මේ අතර ඊයේ එම වැඩසටහන ආරම්භ කිරීමට පෙර දිනෙන් දින ජනතාවගේ ජීවිත බිලි ගන්නා බුලත්විට සහ බාබුල්, හාන්ස් වැනි දුම්කොල හා පුවක් අඩංගු නිෂ්පාදන තහනම් කර අසරණ ජීවිත බේරාදෙන ලෙස ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත යොමු කෙරෙන සංදේශයකට ද අමාත්‍යවරයා අත්සන් තැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad