තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පුහුණු කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 23, 2016

තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පුහුණු කෙරේ

තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පුහුණු කෙරේ

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිලධාරීන් පුහුණුකිරීමේ වැඩමුළුවක් අද (23) කොළඹ දී පැවැත්විණ.

දෙදින නේවාසික පුහුණු වැඩමුළුවක් ලෙස ක්‍රියාත්මක කර ඇති මෙම වැඩමුළුව සඳහා පළාත් සභා 05කට අයත් නිලධාරීන් 30දෙනෙකු පුහුණුව සඳහා සහභාගීකරවා ගත්බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී.ජේ.එස්.රවීන්ද්‍ර මහතා පැවසීය.

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයට පැවරී ඇති අතර ඒ අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලුම රාජ්‍ය ආයතනයන්හි තොරතුරු නිලධාරීන් පත්කිරීමේ කටයුතු මේ අනුව සිදුකරයි.

පළාත් සභාවන්හි ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් නම් කරන ලද සබරගමුව පළාත, දකුණු පළාත, බස්නාහිර පළාත, මධ්‍යම පළාත, වයඹ පළාත යන පළාත් සභා 05ට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 30 දෙනෙකු මෙම මූලික පුහුණුවට සහභාගී විය.

ජනමාධ්‍ය අතිරේක ලේකම් ඩී.ජේ.එස්. රවීන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ සිද්ධි අධ්‍යයන මගින් මෙන්ම තොරතුරු දැනගැනීාම් පනත තුළ ඇති මූලික ලක්ෂණ පිළිබඳව මෙම නිලධාරීන් දැනුවත් කරන බවත් ඉන්පසුව ඔවුන් මගින් එම පළාත්වල, දිස්ත්‍රික්කවල ඇති සියළුම ආයතනයන්හි සිටින තොරතුරු නිලධාරීන් පුහුණු කරන බවත්ය.

ඔහු වැඩිදුරටත් කියාසිටියේ එවැනි තොරතුරු නිලධාරීන් 6000ක් පමණ දෙසැම්බර් මස අග වනවිට රජය විසින් බඳවා ගැනීමට කටයුතු කරන බවයි.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

No comments:

Post a Comment

Post Bottom Ad