ජාතියේ මහා ගාන්ධර්වයාණෝ අමරදේවයන් දිවි සැරියෙන් සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

ජාතියේ මහා ගාන්ධර්වයාණෝ අමරදේවයන් දිවි සැරියෙන් සමුගනී

ජාතියේ මහා ගාන්ධර්වයාණෝ
අමරදේවයන් දිවි සැරියෙන් සමුගනී



අද උදෑසන  අසනීප තත්ත්වයක් හේතුවෙන් රොහල් ගත කළ ආචාර්ය ඩබ්.ඩී. අමරදේවයන් අභාවප්‍රාප්තවූ බව ශ්‍රී ජයවර්ධන රෝහල් ආරංචි මාර්ග දන්වා සිටියා. ඔහු මිය යන විට 88 වැනි වියේ පසුවිය. 1925 වසරේ
දෙසැම්බර් මස 5 දා මොරටුවේ උපතලද අමරදේවයන්ගේ මුල් නම වූයේ  ඇල්බට් පෙරෙරායි.

සිංහල සංගීතය වෙනුවෙන් අනූපමය මෙහෙයක් ඉටුකළ පුද්ගලයන් අතර මුල් තැන අමරදේවයන්ට හිමිය. මාලදිවයිනේ ජාතික ගීයේ සංගීත නිර්මාපකයා වන්නේද අමරදේවයන්ය. පිලිපීනයේ, ඉන්දියාවේ, ප්‍රංශයේ සම්මානයට පාත්‍ර වී ඇති අමරදේවයන් ශ්‍රි ලංකාවේ දේශමාන්‍ය, කළා කීර්ති ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලබා ඇත.

අමරදේවයන් දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad