මහබැංකු අධිපති එපා කියද්දි මුදල් ඇමති කළ වැඩක් බන්දුල හෙළිකරයි

මහබැංකු අධිපති එපා කියද්දි මුදල් ඇමති කළ වැඩක් බන්දුල හෙළිකරයි

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින රාජ්‍ය මූල්‍ය පාලනය 'ජාතික ගෙවීම් වේදිකාව' නමින් පෞද්ගලීකරණය කොට වෙනත් පුද්ගලික සමාගම් 03කට පැවරීම නොකළ යුතු දෙයක් බවට මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායන මහතා වෙක ලිපි යවා ඇති නමුත් මුදල් අමාත්‍යවරයා එම යෝජනා ක්‍රියාක්මක කරන බවට රාජ්‍ය ආයතනවලට ලියුම් යොමුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (15) කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදීය.

මහ බැංකු බැඳුම්කර වංචාව හෙළිදරව් කර ගැනීමට හැකිවූයේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවත්නා බැවින් කී මන්ත්‍රීවරයා එය මෙලෙස පෞද්ගලික අංශයට පැවරීමට උත්සාහ කරනු ලැබීමෙන් තවදුරටත් මහජන මුදල් වංචා කිරීමටත්, ඒවා හෙළිදරව්වීමේ අවස්ථාව මඟහැරීමටත් ඔවුන්ට හැකිවන බව අවධාරණය කළේය.

 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment