ඩෙල්මේජ් "හිරු කහට" පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී හඳුන්වාදුන් මොහොත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 23, 2016

ඩෙල්මේජ් "හිරු කහට" පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී හඳුන්වාදුන් මොහොත


ශ්‍රි ලාංකීය පාරිභෝගික ප්‍රජාව අතර මහත් විශ්වාසයක් ගොඩනගාගෙන ඇති ඩෙල්මේජ් ආයතනය පසුගියදා වෙළෙඳපොළට අලුත්ම තේ නිෂ්පාදනයක් හඳුන්වා දෙනු ලැබුවා. ඩෙල්මේජ් "හිරු කහට" නමින් එය පාරිභෝගිකයන් අතට නිල වශයෙන් පත් කිරීම පිටකොටුව දුම්රිය පල ඉදිරිපිට සිට ඩෙල්මේජ් සමාගමේ
කළමණාකාර අධ්‍යකෂිකා දිනූශා බාස්කරන් මහත්මිය අතින් සිදුවූවා.
ලාංකිකයන්ට කඳුකරයේ තේ යායෙන්ම නෙලාගත් තේ දළුවල රසය කෙලින්ම තේ කෝප්පයට ලබාදීමේ අරමුණ පෙරදැරි කරමින් මහත් වූ පරිශ්‍රමයක් තම නිෂ්පාදනය වෙත යෙදවීමට "හිරු කහට" නිෂ්පාදකයින් වන ඩෙල්මේජ් සමාගම කටයුතු කොට තිබෙනවා. කහට, පාට, රසය, සුවඳ හරි ගානට රැගත් "හිරු කහට" නම්කොට ඇතතේ "රහට කහට ඕනෑ අයට" ලෙසයි.
ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී දැන්වීම් කරන ආයතනයක් වන "සාකාස්" ආයතනය මෙහි සම්පූර්ණ නිර්මාණාත්මක කටයුතු භාරව ක්‍රියාකරනු ලබන අතර ඩෙල්මේජ් සමාගම තුල ක්‍රමානුකූල සැලැස්මකට අනුව රට පුරා පාරිභෝගික ජනතාවට මෙය රස බැලීමට ඔවුන් තම උපරිම දායකත්වය සපයනු ලබනවා.











No comments:

Post a Comment

Post Bottom Ad