දුමින්දගේ ඇපෑල ඉක්මනින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 5, 2016

දුමින්දගේ ඇපෑල ඉක්මනින්

දුමින්දගේ ඇපෑල ඉක්මනින්

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා වූ  සිර දඬුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්ගේ මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සමේ නඩු ගොනුව සකස් කිරීමේ ක‍්‍රියාවලිය කඩිනමින් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ මහාධිකරණ ලේඛකාධිකාරීවරයාට නියෝග කර තිබේ.

තමා අසනීපකරුවෙකු බව කියමින් දුමින්ද සිල්වා මහතා ගොනු කළ විශේෂ පෙත්සමක් සලකා බැලූ  ප‍්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad