ලසන්ත වික්‍රමතුංගගේ සිරුරේ පරීක්ෂණ අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 5, 2016

ලසන්ත වික්‍රමතුංගගේ සිරුරේ පරීක්ෂණ අවසන්

ලසන්ත වික්‍රමතුංගගේ සිරුරේ පරීක්ෂණ අවසන්මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර ගොඩගෙන දෙවැනි වරට සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කර ඇති අතර එහි වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය හා සම්බන්ධ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණය සම්බන්ධව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බව ගල්කිස්ස අධිකරණයට කරුණු දන්වා තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මහේස්ත්‍රාත් අවසරය මත මීට සති කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත දේහය යළි ගොඩගනු ලැබිණි.

එසේ නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළි කර ගැනීමට අවශ්‍ය වූ කරුණු ගණනාවක් විය. ඒ අතර ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට යොදාගෙන තිබුණේ කුමන ආයුධයක්ද යන්න හෙළිකර ගැනීම විශේෂ කරුණක් වෙයි.

මෙම මෘත දේහය ගොඩගෙන පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව එම මෘත දේහය මිහිදන් කිරීම සඳහා ඥාතීන් වෙත භාර දී ඇති බව ද වාර්තා වේ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය පිළිබඳ නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුවන අතරතුර මෙම ඝාතනය තමා සිදු කෙළේ යැයි ලිපියක් ලියා තබා හමුදා බුද්ධි අංශයේ හිටපු සාජන් ‍මේජර්වරයකු සියදිවි හ‍ානි කර ගැනීමක් ද සිදුවිය.

මෙම පුද්ගලයා මෙම ඝාතනයට සම්බන්ධදැයි හෙළිකර ගැනීම සඳහා මොහුගේ ඇඟිලි සලකුණු ලබාගැනීමටත් මොහුගේ මරණය සම්බන්ධව සැක සහිත තවත් කරුණුවලට අදාළ දෑ හෙළිකර ගැනීම සඳහාත් ඔහුගේ සිරුර ද ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වනු ලැබිණි.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූයේ 2009 වසර්දී වන අතර එතැන් සිට ඔහුගේ ඝාතනයට අදාළව කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොතිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad