ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ධජය ජාත්‍යන්තරයේත් ලෙල දෙයි.. පළමු විදෙස් ශාඛාව එංගලන්තයේ පිහිටුවයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ඊයේ එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටුවීමට කටයුතු කල බව ලන්ඩන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථම විදෙස් ශාඛාවේ සභාපතිනිය ලෙස පත් වූ රානි බුලත්වල මහත්මිය පැවසීය.

එංගලන්තයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටුවීමට කටයුතු කිරීමට හැකිවීම සියලු දෙනාටම සතුටට කරුණක් බවත් එංගලන්තයේ සිටින ශ්‍රි ලාංකියන්ට අද දින සිට එහි සාමාජිකයින් ලෙස බැදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

ලන්ඩන් ශාඛාවේ නිලධාරි මණ්ඩලය අනුශාසක චන්දන සේනාධීර, සභාපති නීතිඥ රානි බුලත්වල (+447404409714), ලේකම් නීතිඥ ජෙයරාජ් පලිහවඩන, ප්‍රධාන සංවිධායක හා සම්බන්ධීකාරක අනුර මැදගෙදර ලෙස තේරී පත් කරගෙන තිබේ.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment