නිල ඇඳුම් වවුචර ලබන සතියේ සිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 5, 2016

නිල ඇඳුම් වවුචර ලබන සතියේ සිට

නිල ඇඳුම් වවුචර ලබන සතියේ සිට

2017 වසර සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුම් වවුචර ලබාදීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ අදාළ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කුමන විවේචන එල්ල වුවද එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

නිල ඇඳුම් වවුචර පළමු වරට ලබාදීමේදී එහි යම් දෝෂ සහගත තත්ත්වයක් ඇති වුවද මෙවර විධිමත් වැඩපිළිවෙළක් යටතේ එය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ කවර අභියෝග පැමිණිය ද අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් තමන් නොබියව තීන්දු තීරණ ගන්නා බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad