පේරාදෙණිය සරසවි සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 16, 2016

පේරාදෙණිය සරසවි සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක

පේරාදෙණිය සරසවි සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාගේ පන්ති තහනම් කිරීමට විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ සිසුන් ඊයේ (15) සනාථන මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූ අතර මේ වනවිට ඔවුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටී.

සම සෞඛ්‍ය පීඨයේ පළමු වසර සිසුන් පීඨයෙන් ඉවතට ගෙන ඒම සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා ඇතුළු පරිපාලනය සමඟ ඇතිවූ ගැටුමක් හේතුවෙන් අදාළ ශිෂ්‍ය සංගම් සභාපතිවරයාට මාස 06ක පන්ති තහනමක් පරිපාලනය විසින් නියම කර තිබේ.

එම පන්ති තහනම පසුගිය මැයි මස 30 වනදා සිට ක්‍රියාත්මක වියයුතු වුවත් එදින හෝ ආසන්න දිනයක දඬුවම නොදී ඔක්තෝම්බර් මස 19 වැනි දින සිට පන්ති තහනම ක්‍රියාත්මක කිරීමට පරිපාලනය කටයුතු කර ඇති බව විරෝධතාවයට එක්වු සිසුන් පැවසීය.

මාස 05ක පමණ කාලයක් ප්‍රමාද කොට දඬුවම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් විභාගය අතපසුවීම, පෙනී සිටි විභාගයේ ප්‍රතිඵල මත ඔහු සමත්වුවද විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානයට සහභාගීවීමට අවස්ථාව අහිමිවීම වන සිදුවන බව විරෝධතාවයේ නියැලි සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලක්ෂිත මධුෂාන් සිසුවා කියාසිටියේය.

සිසුවෙකු යම් වරදක් කොට දඬුවම් ලබාදීම මෙතරම් ප්‍රමාද නොවිය යුතු බවත් මේ තුළින් සිදුකර ඇත්තේ සිසුවාගෙන් පළි ගැනීමට පීඨ පරිපාලනය කටයුතු කිරීම බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

පැයකට ආසන්න කාලයක් සනාථන මන්දිරය අසල පැවැති මෙම විරෝධතාවය සඳහා සම සෞඛය පීඨයේ සිසුන් 500ක පමණ පිරිසක් සහභාගී වී සිටි අතර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙම තීරණය විනය පාලක කමිටුව විසින් ගත් තීරණයක් බැවින් එම තීරණය වෙනස් කිරීමේ හැකියාවක් තමාට නොමැති බවයි.

මහනුවර - කමල් සුරවීර

No comments:

Post a Comment

Post Bottom Ad