හිලරි වෙනුවෙන් පොල් ගැසූ අය දැන් කියන දේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

හිලරි වෙනුවෙන් පොල් ගැසූ අය දැන් කියන දේ

හිලරි වෙනුවෙන් පොල් ගැසූ අය දැන් කියන දේ

අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් මහත්මියට ජය පතා උතුරේ දෙමළ ජනතාය පොල් ගැසූ බව Russian Today පුවත් සේවය සිහිපත් කරයි.

පසුගිය 02 වැනිදා යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේදී මෙම පොල් ගැසීමේ විශේෂ පූජාවේ මූලිකත්වය ගෙන කටයුතු කළේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා සහ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සෂිදරන් මහත්මියයි.

එහිදී, හිලරි ක්ලින්ටන් මහත්මියට ජයග්‍රහණය ලැබේවා යන්න ප්‍රාර්ථනා කරමින් පොල් 1008ක් ගසමින් මෙම දේව පූජාව පවත්වා තිබුණු බවද Russian Today පුවත් සේවය සඳහන් කරයි.

එදින මෙම දේව පූජාව සංවිධානය කළ උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේ දෙමළ ජනතාවගේ ගැටලු කෙරෙහි හිලරි ක්ලින්ටන් මහත්මිය විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

ක්ලින්ටන් මහත්මිය ජයග්‍රහණය කළහොත් දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් ස්ථිර විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් එබැවින් හිලරි මහත්මියගේ ජයග්‍රහණය පතා දේව පූජාවක් පැවැත්වූ බවත් ඔහු එහදී ප්‍රකාශ කොට තිබුණි.

කෙසේ වෙතත් ඊයේ (09) ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මහත්මියගේ පරාජයෙන් පසුව මන්ත්‍රීවරයා සිය මතය වෙනස්කර ඇති බවට මේ වනවිට පුවත් වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණයෙන් පසුව ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවයි.

එමෙන්ම, යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට අමෙරිකාවේ සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා තිබේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad