සාලාවේ වැසියන් කොළඹට එයි - ලෝටස් පාර අවහිරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 17, 2016

සාලාවේ වැසියන් කොළඹට එයි - ලෝටස් පාර අවහිරයි

සාලාවේ වැසියන් කොළඹට එයි - ලෝටස් පාර අවහිරයි

සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ පිපුරුමෙන් හානියට පත් නිවාසවල හිමිකරුවන් විසින් අද (17) ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, කොටුව ලෝටස් වටරවුම ප්‍රදේශය මේවන විට අවහිර වී තිබේ.

ඔවුන් මේ වනවිට ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගමන් කරන අතර කොළඹ ලෝටස් පාර අසල පොලිස් මාර්ග බාධක යොදා ඇත.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

සාලාවේ පිපිරීමෙන් නිවාස හා වෙළඳසැල් හානි වූ පිරිස් තමන්ට වන්දි ලබාදෙන ‍ලෙස ඉල්ලා පසුගිය කාලයේදී කොළඹ - රත්නපුර පාර අවහිර කරමින් අවස්ථා කිහිපයකදීම විරෝධතා දැක්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad