මන්ත්‍රීවරුන්ගේ සැප වාහන යෝජනාවට ජනපතිගේ විරෝධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

මන්ත්‍රීවරුන්ගේ සැප වාහන යෝජනාවට ජනපතිගේ විරෝධය

මන්ත්‍රීවරුන්ගේ සැප වාහන යෝජනාවට ජනපතිගේ විරෝධය

සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 58 ක් සඳහා මාසික කුලී පදනම මත වාහන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයට ඔක්තෝබර් මසදී ජනපතිවරයාගේ විරෝධය පළ වී ඇතැයි වාර්තාවේ. 

එම විරෝධතාව දක්වමින් ජනපතිවරයා නිකුත් කළ ලිපියක් මේ වන විට සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

ඒ අනුව එක් වාහනක් සඳහා මාසික කුලිය රුපියල් ලක්ෂ 7ක් පමණ වන බවත් මසකට උපරිම වශයෙන් ලබාදෙන කිලෝමීටර් 3500 සලකා බැලූ විට කිලෝමීටරයකට රුපියල් 200ක් පමණ වියදමක් දැරීමට සිදුවෙතැයිද එහෙයින් එය සලකා බලන්නැයිද ජනපතිවරයා ආර්ථික කමිටුවට නිර්දේශ කර තිබේ. 

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ඊයේ සඳහන් කර තිබුණේ මන්ත්‍රීවරුන් 58ට මාසික කුලියකට වාහන ලබාදීම සඳහා වසරකට රුපියල් මිලියන 2436ක මුදලක් ජනතාවට දැරීමට සිදුවෙනු ඇති බව යි. 

ඒ අනුව මාසික කුලිය රුපියල් 590,000 ක් වෙන බවත් එයට වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද එකතුවූ විට අවසානයේදී එක් වාහනයක් සඳහා මාසික කුලිය ලක්ෂ 7ක් පමණ වෙනු ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

මෙම වාහන වසර පහක කාලයකට කුලී පදනම මත ලබාගැනීමට නියමිත අතර ඉන් අනතුරුව එම වාහන ඒවා කුලියට දුන් පාර්ශ්වයන්ට නැවතත් පැවැරිය යුතුය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පිළිබඳව ආර්ථික කමිටුවට යොමුකළ නිර්දේශ තමා සන්තයේ පවතින බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

එක් වාහනයකට වසර පහට ලක්ෂ 420ක් වන අතර වාහන 58 සඳහා වියදම රුපියල් ලක්ෂ 24360ක් වන බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට ලැබෙන වාහන බලපත්‍රයට අමතරව මෙසේ කුලී පදනම මත වාහන ලබාදීම නියමිතය. 

මේ අතර පසුගියදා පාර්ලිමේන්තු සංකීරණයේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසූයේ රජයේ වැඩිකටයුතු අධීක්ෂණය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වාහනයක් ලබාදෙන තුරු මාසික දීමනාවක් ගෙවීමට යෝජනාවක් ඇති බවයි.

කෙසේ වෙතත් එම යෝජනාව පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවද හෙතෙම සඳහන් කළේය. 

රජයේ ආරංචි මාර්ග පවසන්නේ ආණ්ඩු පක්ෂයේ ඇමති ධූර හිමි නොවූ මන්ත්‍රීවරුන් 58 දෙනාට වාහනයක් කුලියට ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක හෝ 7ක මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇති බවයි.

ජනපතිවරයා නිකුත් කළ ලිපිය පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad