මහ බැංකු බැඳුම්කර වංචාව: පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නම ලැයිස්තුවෙන් ඉවත් කර නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 20, 2016

මහ බැංකු බැඳුම්කර වංචාව: පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නම ලැයිස්තුවෙන් ඉවත් කර නැහැ

මහ බැංකු බැඳුම්කර වංචාව: පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නම ලැයිස්තුවෙන් ඉවත් කර නැහැ

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ කෝප් වාර්තාව ප්‍රකාශයට පත් කර සති කිහිපයක් ගතව ඇතත් තවමත් ගනුදෙනුවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නම මහ බැංකු ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

බැඳුම්කර වංචාවට අදාළ පරීක්‍ෂණ නිම වනතෙක් මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නම වහාම ඉවත් කළ යුතු බව කෝප් සභාපතිවරයා අවධාරණය කරයි.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එම ලැයිස්තුව භාවිත කරමින් වෙළෙඳපොළේ කොටස් මිලදී ගැනීමත්, බැංකු මිලදී ගැනීමත් සිදු කරනවා පමණක් නොව, එම අවභාවිතාව වසා ගැනීමට පුවත්පත් ආයතන පවා ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔවුන්ගේ ලාභ ඉපැයීම සඳහා තව කුමන කටයුත්තක් කරාවි දැයි ප්‍රශ්න කරන හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේ රුපියල් මිලියන 300ක ආයෝජනයක් කර ඉතා කෙටි කලකින් රුපියල් බිලියන 5ක ලාභයක් ලැබූ එම සමාගම බැඳුම්කර මිලදී ගෙන ඇත්තේ ආණ්ඩුවෙන් ණය ලබාගෙන වන අතර අනතුරුව නැවත ඒවා ආණ්ඩුවට විකුණන බවත්ය.

එම බැඳුම්කර වසර 30ක් වෙළෙඳපොළේ ඉල්ලුම, සැපැයුම අනුව සංසරණය වන බැවින් වන පාඩුව නිශ්චිතවම කිව නොහැකි බවත් මහ බැංකු බැඳුම්කර මගඩියේ වාර්තාව ජනතාව සතු බැවින් කිසිවකුට අභිමත පරිදි එය හමස් පෙට්ටියට දැමිය නොහැකි බවත් බැඳුම්කර වංචාවට අදාළව මේ ආකාරයට සිදුවන ක්‍රියාකලාප හේතුවෙන් තමා කෝප් කමිටු සභාපතිවරයා වශයෙන් අපේක්‍ෂා භංගත්වයට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad