අගමැති හොංකොං යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

අගමැති හොංකොං යයි

අගමැති හොංකොං යයි

15 වන ආසියා ශාන්තිකර පැසිපික් කලාපීය සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) අලුයම 12:30ට පමණ හොංකොං බලා පිටත්ව ගියේය.

ජර්මනියේ ඇරයුමෙන් අග්‍රාමාත්‍යවරයා සමග මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය, මලික් සමරවික්‍රම මහතා ඇතුලු 08 දෙනෙක් මේ ගමනට එක්විය.

ආසියා ශාන්තිකර කලාපීය ව්‍යවසායකයින් සහ ජර්මානු ව්‍යවසායකයින් අතර සම්බන්ධතා ශක්තිමත් කරලීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කෙරෙන බව සඳහන්ය.

යුරෝපීය සංගමයේ ප්‍රමුඛතම රාජ්‍යයක් වශයෙන් ජර්මනියට මෙන්ම ආසියා ශාන්තිකර කලාපයට මෙවර සමුළුව වඩාත් වැදගත්ය.

එම සංගමයෙන් බ්‍රිතාන්‍ය වෙන්වීමෙන් පසු පැවැත්වෙන පළමු සමුළුව මෙය බව වාර්තා වේ.

හොංකොංහි වික්ටෝරියා වරාය අසබඩ පහිටි හොංකොං ජාත්‍යන්තර සම්මත්‍රණ හා ප්‍රදර්ශන ශාලාවේදී මෙම සමුළුව අද දිනයේ සිට ලබන 05 වන දින දක්වා පැවැත් වේ.

ජර්මනියේ සහ අසියා ශාන්තිකර කලාපයේ ප්‍රමුඛ නීති සම්පාදකයින්, විද්වතුන්, ව්‍යවසායකයින් මෙම සමුළුවට සහභාගීවීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad