ඩීඒ රාජපක්ෂ සමරු උළෙලේදී මිනිස්සු මර්වින්ට හූ කියලා මර්විනුත් මිනිසුන්ට හූ කියලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

ඩීඒ රාජපක්ෂ සමරු උළෙලේදී මිනිස්සු මර්වින්ට හූ කියලා මර්විනුත් මිනිසුන්ට හූ කියලා


ඩීඒ රාජපක්ෂ සමරු උළෙලේදී
මිනිස්සු මර්වින්ට හූ කියලා
මර්විනුත් මිනිසුන්ට හූ කියලා


ඊයේ කොළඹ නවනගර ශාලාවේ පවත්වන්නට යෙදුණ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දිවංගත පියාණන් වන ඩීඒ රාජපක්ෂ මැතිතුමන්ගේ ගුණ සමරු උත්සවයට අනවසරයෙන් පැමිණි හිටපු ඇමති මර්වින් සිල්වාට රැස්ව සිටි පිරිස හූ තැබීම නිසා ඔහුද පිරිසට හූ තබා පළායාමේ සිදුවීමක් වාර්තා වුණා.
එම උත්සවයට සරත් එන් සිල්වා හිටපු අගවිනිසුරුවරයාගේ සමරු දේශනයක් ඇතුළත් කර තිබුණ අතර එයට සවන්දීම පිණිස
පිරිස ඇතුළට එමින් සිටි වෙලාවක මෙම සිදුවීම සිදුවිය. එම අවස්ථාව වනවිට ප්‍රධාන ආරාධිතයා වූ හිටපු ජනපතිවරයා පැමිණ තිබුනේ නැත. සභාවේ අය වාඩිගෙන සිටියදී මර්වින් සිල්වා පැමිණ ඒ අත මේ අත ගමන් කරමින් තිබෙන අතර හිටපු ඇමති ගීතාංජන ගුණවර්ධන සමග කිසියම් බහන්බස්වීමක්ද සිදුව ඇත. ඔහු පවසා ඇත්තේ ඊයේ උදයේ සිරස නාලිකාවේ වැඩසටහනකදී


මර්වින් මහින්දට රිළවා යයි චෝදනා කර මේ ආකාරයට උත්සවයට පැමිණීම සදාචාර සම්පන්න නැති බවකි.
ටිකකින් උත්සව වේදිකාවේ තැන්පත් කර තිබුණ ඩීඒ රාජපක්ෂ අනුරුවට මල් කළඹක් පිරිනමා උපහාර දක්වන්නට මර්වින් කටයුතු කළ අවස්ථාවේ පිටුපස සිටි පිරිස් හූ හඬ තැබීම අරඹා තිබුණ අතර පසුව එය වැඩි විය. උද්ගතවූ පහත්පෙළේ තත්වය නිසා සභාවේ සිටි සම්භාවනීය අමුත්තක් එකිනෙකාගේ මුහුණ බලමින් සිටි අතර මර්වින්ට එතැන සිටින්නට බැරි තත්වයක් උදාවිය.

සභාවේ අය හූ හඬ නගන අවස්ථාවලදී මර්වින්ද අත රවුම් කර මුව වෙත යොමු කරමින් හූ කියා ප්‍රතිචාර දැක්වීම නිසා සමරු උත්සවයේ වැදගත්කමද නැති විය. පසුව පුද්ගලික ආරක්ෂකයෙකු යයි හැඟවෙන අයකුද සමග පිරිසට බැණවැදුණ මර්වින් මහින්ද එන්නටත් පෙරම උත්සවයෙන් පිටව ගියේය. අනතුරුව වාහනයේ නැගගෙන මාධ්‍ය වෙත ඔහු  දන්වා සිටියේ තමා ආවේ තමාව දේශපාලනයට ගෙනා ඩීඒ රාජපක්ෂට ගරු කරන්නට බවත් මහින්දට වැරදුනේ ඔය නරි නිසා බවත් තමා සිංහයින් සමග සිටින්නේ ඒ නිසා බවත්ය. මර්වින්ගේ ආරක්ෂකයා පැවසුවේ අපිට මහින්ද ඉන්වවයිට් කරපු නිසායි අපි ආවේ හූ කියපු අයට රිටර්න් එක දෙනවා ලෙසිනි.

මෙම උත්සව සංවිධායකයින් මර්වින් සිල්වාට ආරාධනාවක් කර නැති බව පසුව වාර්තා විය. පසුගිය රජය බිඳ වැටුණ පසුව බැසිල් හා ගෝඨාභයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දූෂණ චෝදනා ගැන සහ සුදු වෑන් ගැන පැමිණිලි කිහිපයක් සිදුකරන ලද්දේ මර්වින් සිල්වාය.

No comments:

Post a Comment

Post Bottom Ad