මන්ත්‍රීවරුන්ට හොඳ කලක්! - මන්ත්‍රී දීමනා වැඩි වෙන හැටි මෙන්න  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 28, 2016

මන්ත්‍රීවරුන්ට හොඳ කලක්! - මන්ත්‍රී දීමනා වැඩි වෙන හැටි මෙන්න 

මන්ත්‍රීවරුන්ට හොඳ කලක්! - මන්ත්‍රී දීමනා වැඩි වෙන හැටි මෙන්න 

මන්ත්‍රීවරුන්ට සිය ආසනයේ සේවය කිරීම සඳහා ඔවුන්ගේ දීමනා වැඩි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28)පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ වෙනුවෙන් මන්ත්‍රීවරයෙකුට මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමට යෝජනා වී ඇති බවද දීමනා පමණක් නොව මන්ත්‍රීවරුන්ගේ වැටුප්ද වැඩිවිය යුතු බව සිය පෞද්ගලික මතය බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ කාර්යාල කුලිය මාසයකට රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනෙක් සිටිති. පාර්ලිමේන්තු රැස්වීම්වලට පැමිණිමේ දීමනාව ද දිනකට රුපියල් 500 සිට රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත.

කාර්යාල දීමනාව ලෙස මාසයකට රුපියල් 75000ක් සහ පාර්ලිමේන්තු කමිටු රැස්වීමක් සඳහා රුපියල් 5000ක් ගෙවීමට මීට කලින් කළ යෝජනාව වෙනුවට මෙම දීමනා ගෙවීමට යයි.

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මෙම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට නියමිතය.

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා පසුගිය සිකුරාදා මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයට අත්සන් කළ බවද වාර්තාවේ. මේ අනුව මාසයකට පාර්ලිමේන්තු රැස්වීම් අටකට සහභාගී වන මන්ත්‍රීවරයකුට රුපියල් 20000ක් ලැබෙනු ඇත.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ ප්‍රතිලාභ ද වැඩිකිරීමට සූදානම් කර ඇති අතර ඕස්ට්‍රේලියා රක්ෂණ සමාගමක් සමග මේ ගැන සාකච්ඡා කරගෙන යන බවද රජයේ ආරංචි මාර්ග පවසයි.

මන්ත්‍රී දීමනා වැඩි කිරීම ගැන අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසූයේ මේ පිළිබඳ රජයේ සැලකිල්ල යොමුව ඇති බවත් ඇමැති මණ්ඩලයට මෙම යෝජනා ඉදිරිපත් කිරීම ගැන ලබන සතියේ තීරණයක් ගන්නා බවත් ය.

No comments:

Post a Comment

Post Bottom Ad