යාපනයේදී ‘ආවා‘ හයක් සැකපිට අත්අඩංගුවට


”ආවා ” කල්ලියේ බවට කියන හයදෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන බව යාපනය පොලීසිය කියයි. ඔවුන්ගෙන් හතරදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත්තේ 05 වෙනිදා සවසයි.

ඔවුන් පොලීසියට ලබාදුන් තොරතුරු වලට අනුව යාපනයේ චුන්නාකම් පළාතෙන් තවත් දෙදෙනෙකු 06 දා අත් අඩංගුවට ගත් බවද යාපනය පොලීසිය පැවසීය. චුන්නාකම් පළාතෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ එකම නිවසක ජීවත් වන දෙදෙනෙකි.

කොළඹ පොලිස් අපරාධ විමර්ශන අංශයේ පිරිසක් යාපනයට පැමිණ සිටින බවත් එම කණ්ඩායම යාපනය පොලීසියේද සහය ඇතිව මෙම පිරිස අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කිවේය.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment