ප‍්‍රබල ඇමති ලක්‍ෂ ගණනක් දී විදේශයකින් අධි සැප පුටුවක් ගෙන්වයි.. ජනපතිට-අගමැතිටත් මෙවන් පුටු නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 9, 2016

ප‍්‍රබල ඇමති ලක්‍ෂ ගණනක් දී විදේශයකින් අධි සැප පුටුවක් ගෙන්වයි.. ජනපතිට-අගමැතිටත් මෙවන් පුටු නෑ..

මෙරට ප‍්‍රබලම ඇමතිවරයෙක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ ගණනක් වැය කරමින් විදේශයකින් අති විශේෂ පුටුවක් ගෙන්වාගෙන තිබේ.

මෙම සැපපහසු ආසනය විදුලියට සම්බන්ධ කල විට සීතල වෙලාවට උණුසුමත් උණුසුම් වෙලාවට සීතලත් ලබා දෙයි.

එමෙන්ම පුටුවෙන් නිකුත් වන විශේෂ වායු දහරා අසුනේ සිටින්නාට තවත් සැප පහසු තත්වයක් ඇති කරන අතර කම්පන ක‍්‍රමයකින් සුළු ව්‍යායාමයක්ද ලැබෙයි. පුටුවට සම්බන්ධ දුරස්ථ පාලකයකින් සියල්ල පාලනය කල හැක.

ජනතාවට සේවය කිරීම සදහා සැප පහසු පුටුවක් උවමනා බවට ඇමතිවරයා විසින් කරන ලද යෝජනාවක් මත මෙම විශේෂ පුටුව ආනයනය කර ඇති අතර ඇමතිවරයා වෙනදාට වඩා කාලයක් දැන් තමස අලූත් පුටුවේ ගතකරන බවද සදහන්ය.

ජනාධිපතිවරයා හෝ අගමැතිවයා මෙවන් පුටුවක් මෙතෙක් භාවිතා කර නැතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad