ජාතික රෝහලේ හදවත් සැත්කම් කළ රෝගීන් මියයාම ගැන හදිසි පරීක්ෂණක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 30, 2016

ජාතික රෝහලේ හදවත් සැත්කම් කළ රෝගීන් මියයාම ගැන හදිසි පරීක්ෂණක්

ජාතික රෝහලේ හදවත් සැත්කම් කළ රෝගීන් මියයාම ගැන හදිසි පරීක්ෂණක්

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය 28 වැනිදා හදවත් සැත්කම්වලට ලක් කළ රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම පිළිබද සොයාබැලීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ත‍්‍රි පුද්ගල කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කර ඇත. 

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක මෙම විමර්ශණ කමිටුවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා 01 වෛද්‍ය  ලක්ෂ්මි සී. සෝමතුංග මහත්මිය.  අධ්‍යක්ෂ (රසායානාගාර සේවා) ඡේ.එච්.එම්.කේ.කේ.බි කමල් ජයසිංහ මහතා, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) රෝහන ද සිල්වා මහතා එම කමිටුවට ඇතුලත් වෙයි.

මෙම මරණ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා අදාල වාර්තාව අද (30) දිනය තුල සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදිය යුතු වෙයි.

මේ අතර පසුගිය 28 වැනිදා කොළඔ ජාතික රෝහලේ හෘද සැත්කම්වලින් රෝගීන් හතරදෙනෙකු මියයෑම පිළිබදව නිසි පරික්ෂණයක් සිදු කරන ලෙසත් අදාල රෝගීන්ගේ ජීවිත නැතිවීම සදහා වග කිවයුත්තේ කුමන පුද්ගලයන්ද යන්න රටට හෙළිකරන ලෙසත් එම පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත යැවූ ලිපියක දැක්වෙයි.

එම ලිපිය පහතින්,

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

සෞඛ්‍ය අමාත්‍යාංශය

කොළඔ 10.

අධ්‍යක්ෂක ජනරාල්තුමණි.

කොළඔ ජාතික රෝහලේ හෘද සැත්කම්වලින් රෝගීන් හතරදෙනෙකු මියයෑම.

2016/11/28 දින කොළඔ ජාතික රෝහලේ දී කරන ලද හෘද සැත්කම්වලින් රෝගීන් හතර දෙනෙකු මිය ගිය බව මාධ්‍ය වාර්තා කර ඇත. සැත්කම් සදහා අවශ්‍ය ශල්‍ය උපකරණ හා බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීමේදී  ක්‍රියාත්මකවන අක්‍රමිකතා පිළිබදව අප විසින් ඔබ තුමාට මීට පෙර කරුණු ඉදිරිපත් කර ඇතත්  මේ වනතුරු ඒ සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. රෝගියෙක් මියගියවිට පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාණවත් නොවන අතර අප විසින් අතීතයේ සිටම කරන ලද්දේ අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීමය.ඔබද එම ක්‍රමවේදය අනුගමනය කිරීම කණගාටුදායකය.

නිසි පරීක්ෂාවකින් තොරව 2017 වසර සදහා ශල්‍ය කැපුම් උපකරණ මිලදී ගැනීමට සමාගමකට අවසරදීමක් පිළිබදව අප සංවිධානය විසින් ඔබතුමාගේ අවධානයට ලක් කර අතර ඒ පීළිබදව ඉක්මනින් පරීක්ෂණයක් කරන ලෙස හා 2016/11/28 දින කොළඔ ජාතික රෝහලේ හෘද සැත්කම්වලින් රෝගීන් හතරදෙනෙකු මියයෑම පිළිබදව නිසි පරික්ෂණයක් සිදු කරන ලෙසත් අදාල රෝගීන්ගේ ජීවිත නැතිවීම සදහා වග කිවයුත්තේ කුමන පුද්ගලයන්ද යන්න රටට හෙළිකරන ලෙසත් එම පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දෙන ලෙසත් ඉල්ල සිටිමි.

රංජිත් විතානගේ - සභාපති

 

 

 

No comments:

Post a Comment

Post Bottom Ad