සිරිසේනට මලපනී .. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහන් වහාම නතර කරයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

සිරිසේනට මලපනී .. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහන් වහාම නතර කරයි…

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහන් නතර කර දමන ලෙස ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප මහා ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකට අද සවස දැනුම් දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පලාත් පාලන මැතිවරණය ඉලක්ක කර අත ලකුණින් තරග වැදිම සදහා පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බත් බැලයන් සමග කල සාකච්ඡාවකට අනුව රට පුරා කෝට්ඨාෂ මට්ටමින් ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට යෝජනා කල අතර ඒ සදාහා සිරිසේන විසින් පත්කර ගත් රූකඩ සංවිධායකින් සදහා මුදල් පවා පක්ෂය හරහා ලබාදි තිබුනා.

සම්පුර්ණ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සදහා මිලියන 500කට ආසන්න මුදලක් පක්ෂය හරහ වෙන්කර තිබුනු අතර ගෙවුනු දින කිහිපය තුලදි ප්‍රදේශ කිහිපයක ශ්‍රීලනිප පක්ෂ සමාජික ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වු අතර ඉතාමත් පහල සමාජිකයන් සංඛ්‍යාවක් එකතු විම හේතුවේන් මෙම වැඩසටහන අතහැර දමන ලෙසට ජනාධිපතිවරයා නියෝග කර ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

පසුගියදා පානදුර පැවති ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සදහා ඉතාමත් අඩු ජනතා සහභාගිත්වයක් තිබු අතර පසුව බස්‍ රථ 30ක් යොදවා යන්තම් කුඩාරම පිරෙන තරමට සෙනග රැස්කර ගැනිමට සංවිධායකියින් කටයුතු කර තිබේ. 

මේ අතර ජනපති සිරිසේනද සහභාගීවීමට නියමිතව තිබූ මහනුවර ශ්‍රිලනිප පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන සරත් ඒකනායක මහ ඇමතිවරයාගේ සංවිධායකත්වයෙන් ඇරඹි අතර ඊට ශ්‍රිලනිප මැති ඇමතිවරුන් රැසක් සහභාගී නමුත් ඔවුන්ට සාපේකෂව ඉතා අඩු ජන සහභාගීත්වයක් හේතුවෙන් පිරිස අසරණවී ඇති අතර ජනපතිවරයා එය මගහැර ඇති බවද වාර්තා වේ.

මෙම ස්ථානයේ සිටින මැති ඇමතිවරුන්ගේ ආරක්ෂකයන් හා හෙංචයියන් ඉවත්කළ පසු ඉතිරිවන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බව එහි සිටින වාර්තාකරුවන් සදහන් කළා.


උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad