දුම්වැටි එක බැගින් විකිණීම තහනම්.. මිටි පිටින් විකිණීමට පමණයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 23, 2016

දුම්වැටි එක බැගින් විකිණීම තහනම්.. මිටි පිටින් විකිණීමට පමණයි..

වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම්, විශේෂ අභියාචනා සහ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛණ කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැුස්වීමක දී මෙම උපදෙස් ලබාදුන් අතර, වාර්ෂික ස්ථාන මාරුවීම් ලේඛණය සකස් කිරීම සදහා එම සංගමයේ යෝජනා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාට ලබා දෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. කිසිදු චෝදනාවක් එල්ලනොවන අයුරින් ලේඛණ සකස් කරන ලෙසත්, සියළුම රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන් ලබාදීමට පියවර ගන්නා ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

මෙහිදී වාර්ෂික ස්ථාන මාරුවීම් මණ්ඩල පත් කිරීම, වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කර ගැනීම පිළිබදව ද සාකචිඡුා කෙරුනි. අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයින්ගේ බදු අය කිරීෙමි වැඩපිළිවෙලට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙහිදී විරෝධය පළ කරන ලදි. ඒ පිළිබදව මුදල් අමාත්‍යවරයා සමග සාකචිඡ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි වැඩපිළිවෙල සාර්ථක බව ප‍්‍රකාශ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට සහයෝගය ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයාට පොරොන්දු විය. දුම්වැටි පාලනය කිරීම සදහා වූ යෝජනා 10 ක් ද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී පිළිගන්වන ලදි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ සුදු පැහැති සිගරට් පැකට්ටුව හදුන්වාදීම කඩිනමින් සිදු කරන බවයි. තව ද දුම්වැටිය බැගින් අලෙවි කිරීම නතර කිරීමට ද තමන් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ක‍්‍රියා කලාපය පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී විරෝධය පළ කරන ලදි. එම සංගමය විසින් ඉදිරිපත් කළ චෝදනා සොයාබලන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට මෙහිදී දැනුම් දුන්නේය.

– නිපුන් ඒකනායක

No comments:

Post a Comment

Post Bottom Ad