අයවැයට එරෙහිව ඒකාබද්ධය උසාවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 14, 2016

අයවැයට එරෙහිව ඒකාබද්ධය උසාවියට

අයවැයට එරෙහිව ඒකාබද්ධය උසාවියට

මෙවර අයවැයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

මහ බැංකුව මගින් සිදුකරන මූල්‍ය නිශ්කාශන කටයුතු පෞද්ගලික ආයතනයක් හරහා සිදුකිරීමට අයවැය මගින් යෝජනා කර ඇති බවත් එය මූල්‍ය නිශ්කාශණය පිළිබඳ පනත උල්ලංඝනය කිරීමක් බැවින් මෙලෙස අධිකරණයේ සහය පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.

ඔහු මේ බව පැවසූයේ කොළඹ ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකදී ය.

‘‘2005 අංක 28 දරණ ගෙවීම් සහ පියවීමේ ක්‍රමවේද සමඟ රට අභ්‍යන්තරයේ හා රටින් පිට සිදුවන මූල්‍ය ගනුදෙනු ගෙවීම් සඳහා සම්පූර්ණ බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහබැංකුවට. දැන් 390 අයවැය යෝජනාවෙන් ඉදිරිපත් කරනවා. අයි සී ටී එක හරහා ගෙවීම් වේදිකාවක් නිර්මාණය කරලා ශ්‍රී ලංකා මහබැංකුවේ අධීක්ෂණයකින් තොරව මේ සමස්ත ලංකාවේ සියලූම ගෙවීම් පියවීමේ කටයුත්ත පුද්ගලික අංශයේ සමාගම් 3 කට භාර දෙන්න. අපේ හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදේශකත්වය මත ඒකාබද්ධ විපක්ෂය වශයෙන් අපි වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.“ යැයි මන්ත්‍රීවරයා පැවසීය.

 

No comments:

Post a Comment

Post Bottom Ad