මහින්දගේ අලුත් පක්ෂයේ මංගල සමුළුව ජනවාරියේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 13, 2016

මහින්දගේ අලුත් පක්ෂයේ මංගල සමුළුව ජනවාරියේ

මහින්දගේ අලුත් පක්ෂයේ මංගල සමුළුව ජනවාරියේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල සමුළුව ලබන ජනවාරි මාසයේ මුල් සතියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි වාර්තා වේ.

ඓතිහාසික අනුරාධපුර නගරයේ පැවැත්වීමට නියමිත මේ සමුළුවේදී නව පක්ෂයට නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමටද නියමිතය.

නව පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීම, ශාඛා සමිති පිහිටුවීම ඇතුළු සංවිධාන කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති අතර පක්ෂයේ පළමු සාමාජික කාඩ්පත පිරි නැමීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය යෙදෙන මේ මස 18 වැනිදා සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad