ග්‍රාම නිලධාරීවරයෙක් හා සිවිල් ආරක්ෂකයෙක් අල්ලස් ගනිද්දී මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 30, 2016

ග්‍රාම නිලධාරීවරයෙක් හා සිවිල් ආරක්ෂකයෙක් අල්ලස් ගනිද්දී මාට්ටු

ග්‍රාම නිලධාරීවරයෙක් හා සිවිල් ආරක්ෂකයෙක් අල්ලස් ගනිද්දී මාට්ටු

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත සිවිල් ආරක්ෂක නියාමකවරයෙකු සහ ග්‍රාම නිලධාරීවරයෙකු අද (30) දින අත්අඩංගුවට ගනු ලැබීය.

වව්නියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුගේ බිරිඳ නමින් මිලදී ගෙන අැති ඉඩමට බලපත්‍රයක් ලබාදීමට කටයුතු කිරීම සඳහා රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී මුන්නිරිප්පු වසමේ ග්‍රාමනිලධාරීවරයා අද දින මුන්නිරිප්පු පිහිටි ඔහුගේ කාර්යාලයේදී මෙලෙස අත්අඩංගුවට ගැනුණි.

මේ වනවිට සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේම අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිවිල් ආරක්සඛ භටයෙකු වන පැමිණිලිකරුවකුගෙන් ඔහු අමතර රාජකාරි නොයොදවා විවේකය වාර්තා කිරීමේ දී යොදන සටහනද සැකකරු විසින්ම යෙදා වාර්තා සකස් කිරීම සඳහා මසකට රුපියල් 3,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේදී අක්කරෙයිපත්තුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාලයේ සිවිල් ආරක්ෂක නියාමකවරයෙකු ඔහුගේ කාර්යාලයේදීම අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතර අදාළ සැකකරු අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad