කාලගුණයෙන් නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 17, 2016

කාලගුණයෙන් නිවේදනයක්

කාලගුණයෙන් නිවේදනයක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම හෙට (18) දිනයේ සිට මෙම මස 21 වනදා දක්වා පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවත් එහි දැක්වේ.

මේ අතර, මඩකලපුවේ සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වූ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර, තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad