ලාංකිකයින් විදෙස් ත්‍රස්තවාදීන් හා එක්වන්නේදැයි අපි විමසිල්ලෙන් - පොලිස්පති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 9, 2016

ලාංකිකයින් විදෙස් ත්‍රස්තවාදීන් හා එක්වන්නේදැයි අපි විමසිල්ලෙන් - පොලිස්පති

ලාංකිකයින් විදෙස් ත්‍රස්තවාදීන් හා එක්වන්නේදැයි අපි විමසිල්ලෙන් - පොලිස්පති

ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කළද ලාංකිකයින් විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමග එකතුවීමට ඇති අවදානම ගැන විමසිල්ලෙන් සිටින බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

එසේ විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට බැඳුණු ලාංකිකයෙකු පසුගිය 2015 වසරේදී සිරියාවේදී මියගිය බවට ‍අනාවරණයවීම ඊට හේතුව බවද ඒ මහතා පෙන්වාදෙයි.

පොලිස්පතිවරයා මේ බව කියාසිටියේ ඉන්දුනීසියාවේ බාලිහි පැවැත්වෙන ජාත්‍යන්තර පොලීසියේ 85 වැනි මහසභාව අමතමිනි.

එය මෙම මස 07 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට රටවල් රැසක් නි‍යෝජනය කරමින් එක් එක් රටවල පොලිස් ප්‍රධානීන් 1200ක පමණ පිරිසක් එක්ව සිටියි.

එම මහ සභාව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා කියාසිටියේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සියළු රටවලට පොදු අදහසක් තිබිය යුතු බවයි.

භූගෝලීය වශයෙන් මෙන්ම විවිධ මතිමතාන්තර වශයෙන් ත්‍රස්තවාදය ගැන විවිධ අදහස් තිබිය හැකි නමුත් සියළු රටවල් ඒ ගැන එක් අදහසක සිට කටයුතු නොකරන්නේ නම් ත්‍රස්තවාදය තුරන් කරලීමට ගනු ලබන ක්‍රියාමාර්ගවල දුර්වලතා ඇති විය හැකි බව ඔහු පෙන්වාදුන්නේය.

ශ්‍රී ලංකාව 2009 වසරේදී ත්‍රස්තවාදය පරාජ‍ය කිරීමෙන් පසු මේ වන විට සංහිඳියාව හා සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටින බවද එහිදී පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad