'උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම මගේ යුතුකමක්' - ජනපති

'උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම මගේ යුතුකමක්' - ජනපති
උතුරේ දෙමළ ජනතාවගේ ගැටලූ විසදීම තම යුතුකමක් ලෙස සලකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතියරයා කියාසිටියේ උතුරේ දෙමළ වැසියන්ගේ ගැටලු විසඳීම තමාට පැවරුණු වගකීමක් නොව යුතුකමක් ද වන බවයි.

නිදහස ලැබීමෙන් පසු දකුණේ නායකයන් උතුරේ සංචාරය කළේ කලාතුරකින් වුවත් පසුගිය මාස 22 දෙක තුළ තමා 11 වතාවක් උතුරේ සංචාරය කළ බව කී ජනාධිපතිවරයා එම සංචාරයන්හිදී එහි ජනතාව සමග සාකච්ඡා කොට ඍජුව ඔවුන්ගේ අදහස් විමසූ බව ද කියාසිටියේය.

තමාට උතුරේ ජනතාව අතුරෙන් 90% ක් ඡන්දය ප්‍රකාශ කළ බවත් ඒ තමා ඔවුන්ගේ ගැටලූ විසදනු ඇතැයි යන අපේක්ෂාවෙන් බවත් ජනාධිපතිවරයා හින්දු පුවත්පතට ප්‍රකාශ කළේය.

සංහිදියාව දින කිහිපයකින් ඇතිකළ හැකි කාරණයක් නොවන බව කී ජනාධිපතිවරයා නව ව්‍යවස්ථාව මගින් සියලූ ජන ප්‍රජාවන් අතර, සංහිදියාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව මෙහිදී අවධාරණය කළේය.

එහිදී දකුණේ සිංහල - බෞද්ධ බහුතර ජනතාව ද තෘප්තිමත් විය යුතු බවත් ඔවුන්ගේ එකගත්වයකින් තොරව සාර්ථක සංහිඳියා ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ හේතුන් නිසාවෙන් සංහිදියා ක්‍රියාවලිය සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ජනකොටස්වලට පිළිගත හැකි යාන්ත්‍රණයක් විය යුතු බවද එය පහසු කාර්යයක් නොවුණ ද එම අභියෝගය ජය ගත යුතු බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

නැවත කිසිලෙසකින් හෝ රට තුළ ගැටුම්කාරි වාතාවරණයක් ඇතිවීමට ඉඩ නොදිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න