ජනපතිගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 30, 2016

ජනපතිගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලයි 

ජනපතිගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලයි 

නිල්වලා ගඟ සංවර්ධන ව්‍යාපෘතියට පසුගිය ආණ්ඩුව රුපියල් මිලියන 4,012ක් ලබාගත්තද එක උදලු පහරක්වත් ගසා නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගාල්ලේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද (30) බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

තමා මේ සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ බවත් එහිදී හිටපු ජනාධිපතිවරයා මෙම කරුණ මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා ඇත්ත නැත්ත රටට හෙළිදරව් නොකළහොත් දේශපාලන මඩෙන් යැපෙන දේශපාලඥයන් තමන්ගේ උදර පෝෂණය සඳහා මෙම කරුණ යොදාගැනීමට ඉඩ තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මීට පෙරත් වටේ සිටින උපදේශකයන් ජනාධිපතිවරයාට ලණු දීපු අවස්ථා තිබෙනවා. කාර්යබහුල නිසා ජනාධිපතිවරයාට මේ හැම දෙයක්ම පෞද්ගලිකව හොයලා බලන්න බැහැ. මීට පෙර නෙළුම් පොකුණ රඟහලේ සමරු ඵලකය ගළවලා කියලා මෙවැනිම ප්‍රකාශයක් කළා. එය අසත්‍යක් බව ඔප්පු වුණා. එම නිසා මේක ඇත්තද නැත්තද කියලා හොයලා බලන්න. නැත්නම් මේ ප්‍රශ්නය අවුරුද්දක් විතර ඇදුනාම දේශපාලන මඩකරියන් විසින් අතට ගන්නවා. දේශපාලන මඩෙන් යැපෙන, මඩෙන් ජීවත්වෙන දේශපාලනඥයන් කොට්ඨාසයක් ඉන්නවා. ඔවුන් උදර පෝෂණය සඳහා මේ චෝදනා අත්පත් කරගන්නවා. කරුණකරලා මේකේ ඇත්ත කියන්න“

No comments:

Post a Comment

Post Bottom Ad