පියාගේ දේහය වෛද්‍ය විද්‍යාලයට නොදෙන්න තීරණය කළ හේතුව –රංජන අමරදේව පැහැදිලි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 21, 2016

පියාගේ දේහය වෛද්‍ය විද්‍යාලයට නොදෙන්න තීරණය කළ හේතුව –රංජන අමරදේව පැහැදිලි කරයි


පියාගේ දේහය වෛද්‍ය විද්‍යාලයට
නොදෙන්න තීරණය කළ හේතුව

–රංජන අමරදේව පැහැදිලි කරයි


පසුගියදා රටම හඬවමින් අප අතරින් වෙන්ව ගිය හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය අමරදේවයන්ගේ අවසන් කටයුතු සිද්ධවූ ආකාරය සම්බන්ධයෙන් ඇතැම් අය විවිධ විවේචන එල්ල කරනු දක්නට ලැබිණි. වෛද්‍ය විද්‍යාලයට භාර දෙන්නට අවසාන ඉල්ලීම කර තිබුණත් එය ඉටු නොකළේ දේශපාලකයින්ගේ ඉල්ලීමකට බව එක් විවේචනයකි.
ඒ සම්බන්ධයෙන් එම දිනවල පිළිතුරු සපයන්නට කිසිවෙකු ඉදිරිපත් නොවුණත් අමරදේවයන්ගේ එකම පුතු රංජන ටික දිනකට පසුව පුවත්පත් වලට ඒ ගැන
පැහැදිලි කිරීමක් කර තිබේ.
ඔහු ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස මෙසේය.

“තාත්තා කාලයක් තිස්සේ පෙණහලු ආශ්‍රිත රෝග තත්ත්වයකින් පීඩා වින්දා. විටින් විට ඇදුම තත්ත්වයක්
තිබුණා. ඒ වගේම අධි රුධිර පීඩනයට බෙහෙත් බිව්වා. මේ රෝගවලින් සුවපත් වෙමින් ජීවත් වෙන්න එතුමාට

බොහොම ළෙන්ගතු වෛද්‍යවරු පිරිසක් උදව් කළා. නොවැම්බර් තුන්වැනිදා උදේ අවදිවෙනකොටම තාත්තා තරමක් අසනීප
තත්ත්වයෙන් හිටියේ. උදේ හයහමාර වෙනකොට තාත්තාට හුස්ම ගැනීමේ අපහසුතාව වැඩි වෙන බව මට
තේරුණා. මගේ හිත බය වුණා. ඒ වෙලාවේ කොළඹ ජාතික රෝහලට තාත්තාව අරගෙන ගියොත් අපිට
ප්‍රමාද වෙන නිසා ඉකිමනින්ම ළඟම තිබෙන ජයවර්ධනපුර රෝහලට තාත්තාව එක්කන් ගියා. යථාර්ථයට මූණ දෙන්න එපැයි. අවසාන උත්සාහය හැටියට තාත්තාට
හෘද සැත්කමක් කරන බව වෛද්‍යවරු අපිට කිව්වා. සැත්කම ඉවර වෙලා එළියට එනකොටම
වෛද්‍යවරුන්ගේ මුහුණු බැලුවම මට තේරුණා තත්ත්වය හොඳ නැති බව.ලෝකයම කඩා වැටුණා වගේ අපි වගේම නාඳුනන අයත් කම්පා වුණා.
මගේ උර මතට ආවේ මහා ලොකු වගකීමක්. මොකද රටක් ආදරය කරපු, මගේ තාත්තාගෙ අවමංගල උත්සවය කොහොමද කරන්න සුදුසු කියලා අපි හිතුවා.
මියගිය දවසක දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට දෙන්න තාත්තා සහ අම්මා කතා වෙලා ඉන්න ඇති. අම්මා අපට කීවේ ඒ තීරණය ඉටු කරමු කියලයි. නමුත් තාත්තා අපේ වුණත්, අපට අයිති නැහැ කියලා ඒ
මොහොතෙම අපි හැමෝටම තේරුණා. තාත්තා රටට අයිති සම්පතක්. ඒ වගේ ආදරණීය ප්‍රසිද්ධ කෙනකුගේ
දේහයක් වෛද්‍ය විද්‍යාලයට දුන්නත්, භාරගන්න ලොකු කැමැත්තක් වෛද්‍යවරුන්ගේ නැති බවත් අපට
තේරුණා. මොකද ‘අමරදේව සර්ට කොහොමද ඒ දේ කරන්නේ” කියන ගැටලුව එයාලටත් තිබුණා. අන්තිමේ
දී තාත්තාට ආදරය කළ මේ රටේ මිනිස්සු වෙනුවෙන් තීරණය වෙනස් කරන්න අපේ අම්මා කැමැති වුණා.
ඔය යෝජනා අතරේ අමරදේවයන්ගේ දේහය සංරක්ෂණය කරමු කියලත් කාගෙන් හරි යෝජනාවක් ආවා. ඒ
අදහසට නම් අපි කවුරුත් විරුද්ධ වුණා. මොකද එක අතකින් ඒක අපේ සංස්කෘතිය නමෛයි. අනික් අතට
අමරදේවයන්ගේ නිර්මාණ සහ එතුමාගේ දර්ශනය මිස නිසල දේහය කල් තබා ගැනීම පුහු වැඩක් කියලයි
අපි හිතුවේ. සුනිල් ෆොන්සේකා මහතා, සුනිල් ආරියරත්න මහතා සහ ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍යවරුත්,
අමාත්‍යාංශ නිලධාරීනුත් තාත්තාගේ අවමංගල්‍යය බොහෝම ගරු ගාම්භීර විදියට සිද්ධ කරන්න සැලසුම්
සකස් කළා. ඒක එතුමාට කරපු ලොකු ගෞරවයක් කියලා මට හිතෙනවා…“

සාකච්ඡා සටහන - සාවිත්‍රි විතානගේ

No comments:

Post a Comment

Post Bottom Ad