ඔෟෂධ සමාගම්වලින් සල්ලි එපා! ඇමතිගෙන් දැඩි තීන්දුවක්

ඔෟෂධ සමාගම්වලින් සල්ලි එපා! ඇමතිගෙන් දැඩි තීන්දුවක්

ඖෂධ සමාගම්වල මූල්‍ය ප්‍රතිපාදන මත උත්සව හා රැස්වීම් නොපවත්වන්නැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෛද්‍ය සංගම්වලින් ඉල්ලීමක් කොට තිබේ.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ඖෂධ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී ඇතැම් ඖෂධ සමාගම් තමන්ට බලපෑම් එල්ල කළ බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා," ඖෂධ මිල පාලනය කිරීමට අවශ්‍ය කටයුතු වත්මන් සභාපතිවරයා මාස දෙකහමාරක් වැනි කාලයක දී අවසන් කලා. කල්ගතවූයේ නම් විහිලුවක් වෙනවා. සේනක බිබිලේ ප්‍රතිප්තිය ගැන කථා කර කර ඉඳලා වැඩක් නැහැ. යථාර්තවාදීව කටයුතු කරන්න. ඖෂධ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් සමාගම් මට බලපෑම් කලා. එවැනි බලපෑම් වලට මම බියවුනේ නැහැ. ඖෂධ මිල අඩුවීමෙන් ජනතාව සතුටට පත්වී සිටිනවා. ඖෂධ කොල්ලය නතර කළ යුතුයි. වෛද්‍ය සංගම්වල උත්සවවලටත් අමාත්‍යංශය මුදල් ලබාදෙනවා. මම ඇතැම් වෛද්‍ය සංගම්වලට ප්‍රකාශ කළා ඖෂධ සමාගම්වල මුදල් නොගෙන රැස්වීම්, උත්සව පවත්වන්න කියලා. දුම්කොල සමාගම්වලින් බදු වැඩි වශයෙන් අය කරන රට ශ්‍රී ලංකාවයි. මෙම වැඩපිළිවෙල රුපියල් ශත වලින් මනින්න එපා. ඔෟෂධ නියාමන අධිකාරිය ස්වාධීන කටයුතු කරන්න" යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා, ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න