උසස් පෙළ සිසුන්ට ටැබ් බෙදාගැනීම ගැටලුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

උසස් පෙළ සිසුන්ට ටැබ් බෙදාගැනීම ගැටලුවක්


උසස් පෙළ සිසුන්ට ටැබ් බෙදාගැනීම ගැටලුවක්

ඊයේ මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කෙරුණ අයවැය යෝජනා මගින් පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක නොමිලයේ ප්‍රදානය කිරීම ආකර්ෂණීය යෝජනාවක් විය.

කෙසේ වෙතත් එමගින් යෝජනාවූයේ 2017 වර්ෂයේ උසස් පෙළ පන්තිවලට ඇතුලත් වන සිසුන් 175,000 කට ටැබ් පරිගණක ලබා දෙන බවයි. අධ්‍යාපන අමාත්‍යංශයේ සංඛ්‍යාෙල්ඛන වලට අනුව සාමාන්‍යයෙන් උසස් පෙළ ස‍දහා ලක්ෂ දෙකහමාරක පමණ සිසුසිසුවියන් පිරිසක් වාර්ෂිකව ලියාපදිංචිවේ. 

ඒ අනුව සිසුසිසුවියන් 75000 කට පමණ ටැබ් පරිගණක මදිවීමේ ගැටලුවක් පැනනගින්නට ඉඩ ඇත. අධ්‍යාපන අමාත්‍යංශයේ 2015 සංඛ්‍යාලේඛන අනුව උසස්පෙළ 12 හා 13 වසර දෙකේම සිසුන් එකතුව 494597 කි. ඒ අනුව 12 වසරේ පමණක් ලක්ෂ දෙකහමාරකට ආසන්න සිසු පිරිසක් සිටී.

ඇමතිවරයා මෙම ටැබ් ලබාදෙන ප්‍රකාශය සිදුකර තිබුනේ මෙසේය.
‘ගරු කථානායකතුමනි, අපගේ ශිෂ්‍ය ප‍්‍රජාව සදහා පහසුවෙන් දැනුම ලබා ගත හැකි පරිසරයක් අප විසින් නිර්මාණය කළ යුතු වෙනවා. ඔවුන්ට උසස් තත්ත්වයේ පන්ති කාමර ලබා දිය යුතු වන අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 6,500 ක් දැනටමත් වෙන් කර තිබෙනවා. 

මෙම වැඩසටහන තව දුරටත් සාර්ථක කර ගැනීම සඟහා 2017 වර්ෂයේ උසස් පෙළ පන්තිවලට ඇතුලත් වන සිසුන් 175,000 කට සහ උසස් පෙළ ගුරුවරුන් 28,000 කට නොමිලයේ ටැබ් පරිගණක ලබා දීමට අප විසින් කටයුතු කරනවා. මෙම ව්‍යාපෘතිය සඟහා රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. 

මේ සදහා වයිෆයි සබදතා ලබාදෙමින් සහයෝගය දක්වන ලෙස දුරකතන සේවා සපයන්නන්ට මා ආරධනා කර සිටිනවා.‘

No comments:

Post a Comment

Post Bottom Ad