‘රාජපක්‍ෂවරු අපේ ගමේ දේශපාලන නායකයන්.. ගමේකම මිත‍්‍රකම අදත් එසේමයි.. අච්චාරු ආණ්ඩු හැදුවම මෙහෙම වෙනව..’ – විජේදාස ගල්ලෙන බිදී වගේ..

රාජපක්‍ෂවරු යනු තමන්ගේ ගමේ දේශපාලන නායකයන් ගම්වැසියන් බවත් ඔවුන් සමග දේශපාලන ගැටුමක් තිබුනද කිසිදිනෙක පුද්ගලික හතුරුකමක් නැති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

අදටද ඔවුන් සමග ගමේකම මිත‍්‍රකම ඇති බවද ඇමතිවරයා කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහනට එක්වෙමිනි.

ඇමති සරත් ෆොන්සේකා ගැන කතා කිරීම පවා අප‍්‍රසන්න යයි කී ඔහු ඇමති රාජිත සේනාරත්න විසින් කල ප‍්‍රකාශයක් ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ ‘පක්‍ෂවලින් එහාට පැනල මෙහාට පැනල හැම ආණ්ඩුවලම හිටපු අය ඉන්නව. අච්චාරු ආණ්ඩු හැදුවම මෙහෙම වෙනව’ යනුවෙනි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment