රනිල්ගේ හුජ්ජ කොල්ලා සමන් අමුතුම ගේමක…හොරු අල්ලන්න ආ අමුතුම හොරා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

රනිල්ගේ හුජ්ජ කොල්ලා සමන් අමුතුම ගේමක…හොරු අල්ලන්න ආ අමුතුම හොරා

වැඩකරන ජනතාව අමු අමුවේ මුලාවේ දමමින් වැඩකරන ජනතාව කඩේ යවමින් හයිබ්‍රිඩ් කාරයකට සහ කොළඹ සුපිරි නිවස වෙනුවෙන් වෘත්තීය සමිති සටන් පවා දුන් වීර වෙස් ගත් පුරවැසි බලය සංවිධානය නැමැති සංවිධානය මෙහෙයවන රනිල්ගේ කුක්කා හෙවත් හුජ්ජ කොල්ලා වන සමන් රත්නප්‍රිය ගහන අමුතුම පන්නයේ ගෙම් කිහිපයක්ම අනාවරණය වි තිබේ.

සිරිසේන ජනාධිපතිවරය හිටපු ආරක්ෂක ලේකම් සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් අල්ලා ගනිමින් හතර අතේ ජනාධිපතිවරයා පතුරු ගැසු පුරවැසි බලය පිරිමි නර්ස්  නොහොත් රනිල්ගේ හුජ්ජ කොල්ලා වන සමන් රත්නප්‍රිය බැදුම්කර ගණුදෙනුව හරහා හොරා කෑ අර්ජුන්,රනිල් ගැන වචනයක් නොකියා හික් මියෙකු ලෙස සිටිමේ රහස අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

සමන් රත්නප්‍රියගේ සහෝදරයෙකු වන W.A කුමාරවංශ ද සිල්වා වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ සමාජිකයෙකු ලෙස පත් කිරිමට නියෝග කරමින් ලිපියක් අග්‍රාමාත්‍ය කාර්‍යාලයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත  වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමට ලැබි තිබේ.විශේෂ කාරණාවක් ලෙස සලකා එම පත්කිරිම කරන බවද එම ලිපිය මගින් දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාගෙ ප්‍රධානියෙකුගෙන් කල විමසිමකදි ඔහු සදහන් කර ඇත්තේ වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ පසුගියදා ඇතිවු පුරප්පාඩුවක් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි අරලියගහ මන්දිරයට ගිය සමන් තමන්ගේ සහෝදරයාට එම තනතුර ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවයි.

ඒ අනුව අගමැතිවරයා විසින් අදාළ ලිපිය නිකුත් කල බව අරලියගහ මන්දිරයේ ප්‍රධානියා අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර තිබේ.

අහිංසක සුළු සේවකයන් විකුණන් කන සමන්ගේ මජර වැඩ….

මේ අතර රාජ්‍ය සේවයේ සුළු වැටුපක් ලබමින් කුළියට ජිවත් වු සමන් පහුගිය අවුරුද්ද ඇතුලත නුගේගොධ දෙල්කද ප්‍රදේශයේ ඉඩමක් ගෙන අද වනවිට දෙමහල් නිවසක් ඉදිකරමින් සිටින අතර එහි පලමු මහලේ වැඩ කටයුතු මේ වනවිට අවසන් කිරිමටද කටයුතු කර තිබේ.

සමන් නුගේගොඩ නොවේ කොළඹ 7 ගේවල් හැදුවත් අපට කමක් නැත.නමුත් රටේ පාලකයන්ට දේශපාලනය සහ දුෂණය පිටුදැකිම මෙන්ම රාජ්‍ය දේපළ අවභාවිතය ගැන නරිවාදම් කියන එවුන්ගේ ඇත්ත රට හමුවේ තැබිම අපගේ යුතුකමකි.

රජයේ හෙද නිලධාරී සංගමයේ සභාපතිවරයා ලෙස සමන් රන්තප්‍රිය රට වටේම රජයේ රෝහල් වල සිටින හෙද/හෙදියන් බලහත්කාරයෙන් සංගමයට බදවා ගන්නා අතර ඔහුන්ගෙන් බලහත්කාරයෙන් ලබාගන්නා සමාජික මුදල් යොදවා සමන් කරන මජර වැඩ රාශියක් හෙලි වි ඇති අතර මේ වනවිටත් රජයේ හෙද නිලධාරී සංගමයේ ප්‍රධානින් ඒ සම්බන්ධයෙන් සමන්ගෙන් විමසිමටද කටයුතු යොදවා තිබේ.

සමාජික මුදල් යොදවා රජයේ හෙද නිලධාරී සංගමයේ සභාපතිවරයා වෙනුවෙන් ලක්ෂ 18ක් යොදවා ගත් මොටර් රථය පසුගියදා ලක්ෂ 22කට විකිණීමට සමන් කටයුතු කර තිබේන අතර සමන් එම මුදලින් සංගමයට බැර කර ඇත්තේ ලක්ෂ 19ක් මුදලක් වන අතර ඔහු සංගමයට දන්වා ඇත්තේ මෝටර් රථය ලක්ෂ 19කට විකිණිමට හැකි  වු බවයි.

නමුත් පසුව සංගමයේ වෙනත් සමාජිකයෙකු ඒ සම්බන්ධයෙන් යොයා බලා ඇති අතර එහිදි අදාළ වංචාව අනාවරණය වි තිබේ. ඒ ලක්ෂ 3ක ගේමකි. මේ අතර ලගදිම පැවැත්විමට නියමිත රජයේ හෙද නිලධාරී සංගමයේ සංවත්සර උත්සවය සදහා සමාජිකයන් සමන් මුදල් එකතුකර ඇති අතර එම මුදල් යොදවා අදාළ උත්සවය සංවිධානය කරන අතරතුර සමන් පෞද්ගලිකව මැදිහත් වි ඖෂධ ගෙන්වන ආයතන කිහිපයක් සහ රෝහල් උපකරණ ගෙන්වන ආයතන කිහිපයක ප්‍රධානින් හමුවි අදාල සංවත්සර සදහා මුදල් ඉල්ලා තිබේ.මේ අකාරයට රුපියල් ලක්ෂ 20කට වඩා මුදලක් සමන් එම ව්‍යාපාරිකයන්ගෙන් එකතු කරගෙන තිබේ.



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad