මුදල් ඇමතිගේ සාකච්ඡාවෙන් පසු ගැමුණු බස් වර්ජනය අත්හිටුවයි

මුදල් ඇමතිගේ සාකච්ඡාවෙන් පසු ගැමුණු බස් වර්ජනය අත්හිටුවයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බස් රථ වර්ජනය අත්හිටුවීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

මාර්ග නීති කඩකරන රියදුරන් සඳහා රුපියල් 2500ක අවම දඩයක් පැනවීමට අය වැයෙන් යෝජනා කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරන බව අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග අද(14) පස්වරු 5ට සාකච්ඡාවක් පැවැත්වෙන බවද එම සාකච්ඡාවේදී වර්ජනය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න ප්‍රකාශ කරන බව හෙතෙම පැවසී ය.

ඒ අනූව මුදල් ඇමතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු යෝජිත වැඩවර්ජනය අතහැර දැමීමට තීරණය කළ බව ගැමුණු විජේරත්න මහතා පසුව සඳහන් කළේය.

අවම දඩයට විරෝධය පළකර මේ ආකාරයට බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවද ඉකුත් සතියේ ඔහු කියා සිටියේ කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් නැති නිසා මේ මස 15දා බස් වර්ජනයක්  ක්‍රියාත්මක කරන බවකි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment