මාධ්‍යවේදියෙකු ලෙස ජනපති අසලට ආ පුද්ගලයා රිමාන්ඩ්

මාධ්‍යවේදියෙකු ලෙස ජනපති අසලට ආ පුද්ගලයා රිමාන්ඩ්

පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු අවස්ථාවේදී ඊට සහභාගිවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත රැඳී සිටි ස්ථානයට ළඟාවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම වී තිබේ. 

කැමරාවක් ද අතැතිව මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් මෙම පුද්ගලයා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා රැඳී සිටින ස්ථානය අසළට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශය විසිනි.

ඉන්පසුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇත.

ඒ අනුව සැකකරු ඊයේ (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වී තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කොටහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment