ව්‍යවස්ථාවක් සකස් කිරීමට හොඳ පසුබිමක් - මූලික විවාදය ජනවාරි මාසයේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 20, 2016

ව්‍යවස්ථාවක් සකස් කිරීමට හොඳ පසුබිමක් - මූලික විවාදය ජනවාරි මාසයේ

ව්‍යවස්ථාවක් සකස් කිරීමට හොඳ පසුබිමක් - මූලික විවාදය ජනවාරි මාසයේ

වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට, සභාවෙන් අදහස් විමසා කටයුතු කිරීම අවශ්‍ය බවත් එය ව්‍යවස්ථාවක් සකස් කරන්න හොඳ පසුබිමක් බවත් ජනවාරි මාසයේ මූලික විවාදය ආරම්භ කරන්න බලාපොරොත්තු වන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් මූලික අයිතිවාසිකම්, අධිකරණය, මූල්‍ය නීතිය හා සාමය, රාජ්‍ය සේවය, මධ්‍යම රජය හා පළාත් අතර සබඳතාවය සම්බන්ධයෙන් පත් කරන ලද අනුකමිටු වාර්තා හය මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය.

“මෙය ඉතා වැදගත් අවස්ථාවක්.මේ සභාව පත් කළ මෙහෙයුම් කොමිටියෙන් කොමිටි හයේ වාර්තා අද මෙතන තිබෙනවා.මූලික අයිතිවාසිකම්,අධිකාණ, මුදල්, ජාතික හා මහජන ආරක්ෂාව නීතිය සාමය ,රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම,මධ්‍යම පරියන්ත සම්බන්ධතා පිළිබඳව අනුකාරක සභාවේ වාර්තාව, මේ වාර්තා සියල්ලම, අපේ මෙහෙයුම් කොමිටිය ලබා ගත්තාට පස්සෙ අපි තීරණය කළා මේ සභාවට ඉදිරිපත් කරන්නට. මේ සභාවේ අඳහස් ප්‍රකාශ කළාට පස්සේ අපි මෙහෙයුම් කමිටුවේ තීරණ ගන්නේ. වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සභාවෙන් අදහස් අහලා, වැඩකටයුතු කිරීමයි. ව්‍යවස්ථාවක් සකස් කරන්න හොඳ පසුබිමක්. මේ සියල්ලම ව්‍යවස්ථාවට අඩංගු වෙන්නේ නෑ. මේ කොමිටියෙන් විවිධ සංවිධාන,විවිධ පුද්ගලයන්, දේශපාලන පක්ෂ මුණගැසිලා, අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දුන්නා. මෙහෙයුම් කමිටුව රැස්වීම් 40ක් පැවැත්වුවා. ආගම වෙනස් කරන්න කිසිම අදහසක් නෑ. අංශ ශක්තිමත් කිරීමයි සිදු වී තිබෙන්නේ. විධායක ජනධිපතික්‍රමය අහෝසි කරලා, ඒ වෙනුවට විකල්ප තුනක් ලබාදී තිබෙනවා. රටෙත් මේ සභාවේ අදහස ගන්න පුළුවන් සුදුසු විකල්පය කුමක් ද කියලා දැනගැනීමට. මැතිවරණ ක්‍රමයට විකල්ප කීපයක් ලබාදී තිබෙනවා.“ යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

“වසර පහක ස්ථාවර ආණ්ඩුවක් වුවමනායි.කොහොමද ඒ ස්ථාවරභාවය ලබාදෙන්නේ. එය සාකච්ඡා කළ යුතුයි.පාර්ලිමේන්තු ක්‍රමයට එන අවස්ථාවේ දී ස්ථාවරභාවය පිළිබඳව සිතන්න වෙනවා. බලය බෙදා හැරීමේ මූලධර්ම ගැන සාකච්ඡා කරලා, සමහර ඒවා වාර්තාවල තිබෙනවා. පිළිගත් මත අනුව සාකච්ඡා කර තිබෙන්නේ. විශේෂයෙන් ම ජනවාරි මාසයේ මූලික විවාදය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජනතාව අතරට යන්න අවශ්‍යයි. බහුතරයක් නොමැතිවීම හොඳ තත්ත්වයක්. විවාදය තුළින් රට තුළ කතිකාවක් ඇති කළ යුතුයි. මේ වාර්තා සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන්න. සැමදෙනාම දැනුවත් කරන්න. යළි දෙසැම්බර් 10 රැස්වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ ව්‍යවස්ථාවක් නොවේ ඉදිරිපත් කරන්නේ, රටේ ව්‍යවස්ථාවස්ථාවක්“ යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad