දේශපාලකයින් මෙහෙයවනු ලබන මාධ්‍ය මාෆියාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

දේශපාලකයින් මෙහෙයවනු ලබන මාධ්‍ය මාෆියාවක්

දේශපාලකයින් මෙහෙයවනු ලබන මාධ්‍ය මාෆියාවක්

තමන්ට අවශ්‍ය ආකාරයට දේශපාලකයින් මෙහෙයවනු ලබන මාධ්‍ය මාෆියාවක් ක්‍රියාත්මකවන බව සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳව ඊයේ (28) පැවති විවාදයේදී කථා කළ නියෝජ්‍ය ඇමතිවරයා මේවනවිට රටේ ප්‍රධාන පක්ෂ දෙක මෙන් ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලකයින් හසුරුවනු ලබන්නේ මාධ්‍ය නාලිකාවලට අවශ්‍ය ආකාරයට බව පෙන්වා දුණි.

“මාධ්‍ය නාළිකා අද කටයුතු කරන්නේ ඒ නාළිකාවල ප්‍රධානීන්ට අවශ්‍ය විදියට. ඇතැම් නාළිකාවලට ගියාම කතා කරන්න ඕන ඒ අයට වුවමනා විදියටයි. මේක වැරැදියි. දේශපාලකයන්ට තමන්ගේ මුහුණ මාධ්‍යවල දමා ගන්න වුවමනා කරන නිසා ඒවායේ වැරැදි පෙන්නල දෙන්නෙ නැහැ. මාධ්‍ය නිදහස තිබෙන රටවල් ශ්‍රේණිගත කිරීමේදී, අපේ රට ස්ථාන විසි හතරකින් ඉදිරියට ඇවිත් තිබෙනවා. අපේ රජය මාධ්‍ය නිදහස සුරක්‍ෂිත කිරීමට ගත් පියවරවල් මෙයින් පැහැදිලි වනවා.“ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

මාධ්‍ය නාලිකා සම්බන්ධ සිදුවීම් පිළිබඳ කරුණුවලදී තමන්ට ප්‍රචාරණය හිමි නොවනු ඇතැයි යන තත්ත්වය මත දේශපාලකයින් ස්වයං වාරණයක් පනවාගෙන ඇතැයි ඔහු පැවසී ය.

මෑතදී විනිසුරුවරියක මරණීය දණ්ඩනය නියම වූ හිටපු මන්ත්‍රීවරයෙකු හොර රහසේ හමුවීම සම්බන්ධයෙන් කිසිවකු කතා නොකළේ ඒ හේතුව නිසා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad