'ආවා' කල්ලියට හමුදාව සම්බන්ධයි ද? තවත් තොරතුරු එළියට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

'ආවා' කල්ලියට හමුදාව සම්බන්ධයි ද? තවත් තොරතුරු එළියට!

'ආවා' කල්ලියට හමුදාව සම්බන්ධයි ද? තවත් තොරතුරු එළියට!
ආවා කල්ලියේ බව පැවසෙන සාමාජිකයින් 62ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් 38 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා  පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු අද මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේදී ය. එම කණ්ඩායම විසින් පළමු කඩුව ගෙන්වා ඇත්තේ බ්‍රසීලයෙන් බවත්, එය පළමුව ඉන්දියාවට ගෙනැවිත් එතැන් සිට ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති බවත්, එසේම තවත් එවැනි ආයුධ ඔවුන් විසින්‍ හදාගෙන ඇති බවත්. අමාත්‍යවරයා හෙළිදරව් කළේ ය.

අදාළ කල්ලියේ බවට සැක කරන ප්‍රධාන සාමාජිකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සාමාජිකයින් අතර හමුදාව වෙනුවෙන් සේවය කළ ද්‍රවිඩ තරුණයෙකු ද සිටින බව යි.

ඔහු මේවන විට රිමාන්ඩ් බාරයේ පසුවන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය. එමෙන්ම මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් පළ කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසුවේ ආවා කල්ලියට හමුදාවේ සම්බන්ධයක් ඇතැයි කියූ කාරණය සම්පූර්ණයෙන්  බැහැර කළ නොහැකි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad