ලංකාව අග්නිදිග ආසියාවේ අංක එක වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 24, 2016

ලංකාව අග්නිදිග ආසියාවේ අංක එක වෙයි

ලංකාව අග්නිදිග ආසියාවේ අංක එක වෙයි

නොමේරූ දරුවන්ගේ වර්ධනය නිරීක්ෂණය සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදුන් පළමු අග්නිදිග ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාව මාතෘ හා ළදරු සෞඛ්‍ය රැකවරණය සම්බන්ධයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රට ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර අැති බව ඔවුන්ගේ නිල වෙබ් අඩවියට එක්කර තිබූ වාර්තාව දැක්වේ.

එම වාර්තාවට අනුව වසරකට ශ්‍රී ලංකාවේ නොමේරූ දරුවන් 24,500 ක් උපත ලබයි. එම දරුවන් මාස 06 ක් ගත වනතුරු ඔවුන්ගේ බර, දිග හා හිසේ වට ප්‍රමාණය නිරීක්ෂණය කරන අයුරේ මෙම නවතම නිරීක්ෂණ ක්‍රමවේදය මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඔක්තෝබර් මාසයේදී හඳුන්වාදී ඇත.

තවද එම වාර්තාවේ සටහන් වන්නේ මවුකිරි ලබාදීමේ ප්‍රතිශතය ලොව ඉදිරියෙන්ම සටහන් වන රට වන්නේද ශ්‍රී ලංකාව වන බවයි.

ළදරු හා මාතෘ මරණ අවම අගයක සටහන් වන රටවල් අතර සංවර්ධිත රටවල දත්ත හා සමව ශ්‍රී ලංකාව පවතින බවත් එහෙයින් ශ්‍රී ලංකාව මාතෘ හා ළදරු සෞඛ්‍ය රැකවරණයෙහි ලොව ඉදිරියෙන්ම සිටින රට වන බවත් එම වාර්තාව මගින් පෙන්වාදී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad