ට්‍රම්ප් යටතේ ඇමරිකාව මුස්ලිම් තහනම් කලාපයක් වෙයිද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 13, 2016

ට්‍රම්ප් යටතේ ඇමරිකාව මුස්ලිම් තහනම් කලාපයක් වෙයිද?


ට්‍රම්ප් යටතේ ඇමරිකාව 
මුස්ලිම් තහනම් කලාපයක් වෙයිද?

පසුගියදා ඇමරිකාවේ ජනපති පදවියට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරණය අතරතුර සිදු කළ බරපතල ප්‍රකාශයක් නිසා බොහෝ අය අතර කතාබහට ලක්වූ අයෙකි. ඔහු කියා තිබුනේ ඔහු බලයට පත්වුවොත් ඇමරිකාවට ඇතුළුවීමට මුස්ලිම් ජාතිකයන්ට ඉඩ නොතබන බවකි.

ඇමරිකාවට වර්තමානයේත් පවතින ත්‍රස්ත තර්ජන වල මූලිකත්වය ගන්නේ මුස්ලිම් අන්තවාදීන් වීම නිසා ඒ ආකාර සම්බාධක පැනවීමක් ඇමරිකානුවන්ගේ සැකබිය අඩු කිරීමට හේතුවක් විය හැකි නිසා සුදු ජාතික ඡන්ද විහාල වශයෙන් ලබාගන්නට ඔහුට අවස්ථාවක්ද උදාවිය.

මෙම පොරොන්දුව මත බලයට පැමිණි ට්‍රම්ප් ඉදිරියට මුස්ලිම් ජාතිකයන්ට බාධා හිරිහැර කරාවි යන බිය ඇතිවූ නිසා පසුගිය සතියේ එරට විරෝධතා ව්‍යාපාර පවා ඇති විය. දැන් බොහෝ දෙනාට පැනගනැගී ඇති ගැටලුවක් ව ඇත්තේ ඔහු කියූ ලෙසම කරාවිද යන්නයි.



 2015, දෙසැම්බර් මස 7 වැනිදින ට්‍රම්ප් සිදු කළ එම ප්‍රකාශය ඔහුගේ ජයග්‍රහණයෙන් පසු හිටිහැටියේ ට්‍රම්ප්ගේ මැතිවරණ වෙබ් අඩවියෙන් අතුරුදන්ව තිබීම ගැනද වාර්තා පළවිය. 

ඒ ගැන ඇතැම් අය කියා තිබුනේ එය ඡන්ද ගුණ්ඩුවක් පමණක්වූ නිසා අතුරුදන්වන්නට ඇති බවකි. නමුත් එම අතුරුදන්වීම පැය කිහිපයකට පමණක් සීමා විය.නැවත පසුගිය බ්‍රහස්පතින්දා එම වෙබ් අඩවියේ පෙර කී පිටුව නැවතත් දර්ශනය විය. එය දැනටත් මකා දමා නැත.

ඒ නිසා මුස්ලිම් ජනතාව සම්බන්ධ ඇමරිකාවේ ප්‍රශ්නය තවමත් ජාත්‍යන්තරය තුළ කතාබහට ලක්වූ සිදුවීමක් බවට පත්ව තිබේ.
මැදහත් විචාරකයින් පවසන්නේ මැතිවරණ පොරොන්දු ඉටු කරමින් ට්‍රම්ප් මුස්ලිම් අය සම්බන්ධ නීතිරීති අලුතින් පනවන්නට ඉඩ තිබෙන නමුත් ඒවා කියූ තරම් දැඩි ඒවා නොවනු ඇති බව හා ඒවා තාවකාලික ඒවා පමණක් වනු ඇති බවත්ය.

පහත පළවන්නේ 2015 මැතිවරණ සමයේ ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයයි.



‘දැන් රටේ සිද්ධ වෙන දේවල් පරිපාලන නියෝජිතයන්ට කල්පණාකාරීව සිතා ගැනීමට හැකි වන තෙක්  එක්සත් ජනපදයට මුස්ලිම් ජාතිකයන්ට ඇතුළුවීම පූර්ණ හා සහමුලින්ම වසාදමන ලෙස මම  ඉල්ලා සිටිමි. පිව්(pew)සමාජ පර්යේෂණ වාර්තා අනුව, මුස්ලිම් ජනතාවගේ විශාල කොටස් කෙරෙහි ඇමරිකානුවන් අතර විශාල වෛරයක් තිබේ. ඡන්ද දත්ත අනුව 51% ක් ඇමරිකානුවන් මුස්ලිම් අය තමන්ගේ නොවනආගම් අදහන අයට විරුද්ධව කටයුතු කරන බව විශ්වාස කරන අතර 25% ක් ඇමරිකානුවන් ගෝලීය ජිහාඩ් කොටසක් ලෙසමුස්ලිම් අය හැඳින්වීම යුක්ති සහගත බව තීරණය කරන ලදි. 

ඡන්ද දත්ත තොරව සැලකුවත් එය වෛරය අවබෝධය ඉක්මවා යන්නක් බව කාටවත් පැහැදිලිය. මෙම වෛරය පැමිණෙන්නේ ඇයි? ඒ ගැන අප තීරණය කළ යුතුව ඇත.භයානකවූ ජිහාඩ් පමණක් විශ්වාස කරන ජනතාව විසින් බිහිසුණු ප්‍රහාර ඇති කර මානව ජීවිතයට හානි ඇති කරවීම වැළැක්වීමට අපට අවශ්‍යයි. මම ජනාධිපති ලෙස මැතිවරණ ජයග්‍රහණය කරයි නම්, එක්සත් ජනපදයට මුස්ලිම් ජාතිකයන්ට ඇතුළුවීම පූර්ණ හා සහමුලින්ම වසාදමා එම බිය නැති කරන්නට කටයුතු කරනවා. අපි ඇමරිකාවේ මානව ගරුත්වය මතුකළ යුතුයි.‘

 - ඩොනල්ඩ් ජේ ට්‍රම්ප්  2015 දෙසැම්බර් මස 7

No comments:

Post a Comment

Post Bottom Ad