ට්‍රම්ප්ගේ ජයග්‍රහණයේ රහස හෙලිවෙයි – බහුතර සුදු ජාතිකයිනුයි කතෝලිකයිනුයි එකතු වෙලා ට්‍රම්ප්ව ජනපති කළේ මෙහෙමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයේ රහස හෙලිවෙයි – බහුතර සුදු ජාතිකයිනුයි කතෝලිකයිනුයි එකතු වෙලා ට්‍රම්ප්ව ජනපති කළේ මෙහෙමයි

ඇමරිකානු ජනාධිපතිවරණය ඊයේ (08) අවසන් වුණා.එහිදී බොහෝ දෙනා ජයග්‍රහණය කරාවි යැයි අපේක්ෂා කළ හිලරි ක්ලින්ටන් පරාජය කරමින් නව ඇමරිකානු ජනාධිපතිවරයා වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වුණා.

මැතිවරණ ව්‍යාපාරය ඇරඹුනු දා පටන්ම බොහෝ දේශපාලන විචරකයින් මෙන්ම විදෙස් මාධ්‍යද සඳහන් කර සිටියේ හිලරි ක්ලින්ටන් ජය ගනු ඇති කියායි. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් විටින් විට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසායි. තමා ජනාධිපති වුවහොත් එරට සුදු ජාතිකයින්ට නැතිවී තිබෙන ගෞරවය ලබාදෙන බවත් කිසිදු මුස්ලිම්වරයෙකුට නැවත ඇතුල් වීමට ඉඩ නොදෙන බවත් මැතිවරණ සමයේදී ඔහු ප්‍රකාශ කළා.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයන්ට ජනාධිපතිවරනේයදී ප්‍රතිඵල ලැබී තිබෙන්නේ එරට බහුතර සුදු ජාතිකයන්ගෙන් 58% පමණ පිරිසක් ට්‍රම්ප්ට ඡන්දය භාවිත කරමිනුයි.මෙහිදී හිලරි ක්ලින්ටන්ට ලැබී තිබුණේ 37%ක සුදු ජාතික ඡන්ද ප්‍රමාණයකි. 


නමුත් සුදු ජාතිකයන් නොවන එරට සුුළු ජාතීන්ගේ බහුතර ඡන්ද දිනා තිබුණේ හිලරි ක්ලින්ටන් විසිනි.එම ප්‍රමාණය 74%ක් ලෙස දැක්වුණා.


එමෙන්ම එරට පුරුෂ පාර්ශවයේ බහුතර ඡන්ද ට්‍රම්ප් දිනාගනිද්දි කාන්තා පාර්ශවයේ බහුතරය සිටගෙන තිබුණේ හිලරි ක්ලින්ටන් සමගයි.


එමෙන්ම එරට 18ත් – 40ත් අතර වයස් සීමාවල පසුවනන් හිලරි ක්ලින්ටන්ට සහය පල කරද්දී අවුරුදු 40ට ඉහළ ජනතාව සහය පළකර තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් හටයි.


තවද අඩු ආදායම් ලාභීන්ගේ සහය හිලරි ක්ලිනටන්ට හිමි වීමත් ඉහළ ආදායම් ලාභින්ගේ සහය ට්‍රම්ප්ට හිමි වීමත් කැපීපෙනෙන සිදුවීමක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණා.



විවාකයින්ගේ බහුතර කැමැත්ත දිනාගෙන තිබුනේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනුයි.එම අගය 53%ක් ලෙස දැක්වුණා.



මෙහිදී එරට කතෝලික ජනතාවගේද බහුතර කැමැත්ත ලබාගෙන තිබුණේ ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසිනුයි.


කෙසේ වෙතත් එරට ඉහළ අධ්‍යාපන මට්ටමක් ලැබූ පුද්ගලයින්ගේ සමස්ථයක් ලෙස බහුතර කැමැත්තක් හිලරි ක්ලින්ට හිමිවී තිබීම තවත් එක් සුවිශේෂි සිදුවීමක් වුණා.නමුත් එරට ඉහළ අධ්‍යාපන මට්ටමක් ලැබූ සුදු ජාතිකයින්ගේ බහුතර කැමැත්ත හිමව තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් හටයි.



විදෙස් ප්‍රතිපත්තිය,ආගමන විගමනය,ආර්ථිකය හා ත්‍රස්තවාදය යන එරට මුහුණ දෙන ප්‍රධාන ගැටලු වලට විසදුම් දීමේදී ත්‍රස්තවාදයට ආගමන විගමන ගැටලුවට විසඳුම් ලබාදෙනු ඇතැයි බහුතර ඇමරිකානුවන් විශ්වාස කොට තිබුනේ ඩොනල්ඩ් ට්‍රම්ප්වයි.එමෙන්ම ඔහුට වෙනසක් ඇතිකළ හැකි බව බොහෝ දෙනා විශ්වාස කොට තිබුණා.



No comments:

Post a Comment

Post Bottom Ad