මහින්ද-ගෝඨා එක්ක ඇමති ඩීල් එකක? රාජපක්ෂ පවුලේ හිතවත්කම ගැන ඇමති වජිර කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 27, 2016

මහින්ද-ගෝඨා එක්ක ඇමති ඩීල් එකක? රාජපක්ෂ පවුලේ හිතවත්කම ගැන ඇමති වජිර කතා කරයි

මහින්ද-ගෝඨා එක්ක ඇමති ඩීල් එකක? රාජපක්ෂ පවුලේ හිතවත්කම ගැන ඇමති වජිර කතා කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒ රාජපක්ෂ පවුලම තමා දන්නා බවත් ඒ හිතවත්කම ඇති බවත් නමුත් තමා හොඳ යූ.ඇන්.පී.කාරයෙකු බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සති අන්ත ජාතික පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

එහිදී ප්‍රකාශය පහතින්,

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමඟ ඔබේ යම් සම්බන්ධයක් තිබෙනවාද? එම මහත්වරුන් සමඟ ඔබට ඩීල් තියෙනවා කියලා සමහරුන් ප්‍රකාශ කරනවා?

ඒක මං දන්නේ නැහැ. මං වෛරී දේශපාලනයක් කවදාවත් කරලත් නැහැ. කරන්නෙත් නැහැ. එකපාරක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් සමඟ ලබුදුව සිරිධම්ම විද්‍යාලයේ මුල්ගල් තියන්න ගියාම පත්තරේ දාලා තිබුණා මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියා කියලා. 


එකපාරක් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ගාල්ලේ පොදු වැඩවලට ඇවිල්ලා ඒ මහත්මිය හමුවෙන්න ගියාම මං චන්ද්‍රිකා මැතිනිය එක්ක දේශපාලනය කරනවා කියලත් ප්‍රචාරය වුණා. වෛරයෙන් යම් කෙනකු දේශපාලනය කළොත් අවසන් වෙන්නේ වෛරයෙන්මයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒ රාජපක්ෂ පවුලම මං දන්නවා. ඒ හිතවත්කම තියෙනවා. එච්චරයි. මං හොඳ යූ.ඇන්.පී.කාරයෙක්.

• ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවේද?

ඔය නව දේශපාලන පක්ෂය ඇතිවීමේ පදනම වෛරයයි. වෛරයෙන් ඇතිවන දේශපාලන ව්‍යාපාරයක් විනාශ වෙන්නෙත් වෛරයෙන්මයි. එහි ප්‍රතිඵල බොහොම අනතුරුදායක වෙන්න පුළුවන්.


• පාර්ලිමේන්තුවේදී ඔළුගෙඩි වෙනස් කරන එක එතරම් ලොකු දෙයක් නොවේ කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරලා තියෙනවා?

ඕනෑම කෙනකුට ඕනෑම අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. වෙන්නේ මොනවාද කියලා අපි බලමු.


• නමුත් නව පක්ෂය ගොඩනඟන පිරිස් කියන්නේ අලුත් දේශපාලන පක්ෂයක් මේ රටේ පොදු මහජනතාව ඉල්ලනවා කියලයි?

රටේ ජනතාව යම් යම් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මේ නව දේශපාලන පක්ෂය ගමන් කරන්නේ වෛරයක් පිරිමහන්න කියලයි මට නම් පෙනෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad