ජනමත විචාරණය පරදිනවාමයි මං අත්සන් කරන්නේ නෑ.. ජනපති-අගමැති අලූත් ව්‍යවස්ථා ගැටුම උපරිමයට එයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

ජනමත විචාරණය පරදිනවාමයි මං අත්සන් කරන්නේ නෑ.. ජනපති-අගමැති අලූත් ව්‍යවස්ථා ගැටුම උපරිමයට එයි…

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවක් සදහා වූ කෙටුම්පත මේ මස ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පක්‍ෂ නායක හමුවේදී තීරණය වී ඇත්තේ එම කෙටුම්පත විවාදයට පමණක් ජනවාරි මුල් සතියේ දින දෙකක් හෝ තුනක් වෙන් කිරීමටයි.

එය සම්මත කිරීම සදහා වූ ඡන්ද විමසීමට පසුව දිනයක් යොදා ගැනීමටද තීරණය වී ඇත. මේ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් අගමැතිවරයාටත් ශ‍්‍රීලනිපයේ තමනට හිතවත් මන්ත‍්‍රී පිරිසටත් දන්වා ඇත්තේ ‘මේ ව්‍යවස්ථාව ජනමත විචාරණයක් තිවුවොත් අනිවාර්යෙන්ම පරදිනවා. මහා සංඝ රත්නය අනිවාර්යෙන් මේකට විරුද්දව පාරට බහිනවා. ආණ්ඩුවත් ඊට පස්සෙ ගෙනියන්න බැරිවෙනවා’ යන අදහසයි.

නමුත් ඊට ප‍්‍රතිචාර ලෙස අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාගේ නියෝජිතයින්ට දන්වා ඇත්තේ ‘අලූත් ව්‍යවස්තාව ජනවාරි 08ට කලින් ඇති කරගත් ජාත්‍යන්තර බැදීමක්. ඒක ඉටු කරන්න අපි බැදිල ඉන්නව. ඒක නොකලොත් අපිට ඊට වඩා ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනව. ඒ නිසා මේක කරන්නම වෙනව. ජනමත විචාරණයකට ගිහින් අවදානම අරගෙන කොහෙමහරි දිනන්නම වෙනව’ ආදී වශයෙනි.

කෙසේ වෙත්ත ශ‍්‍රිලනිපයේ මෛත‍්‍රි හිතවාදී මන්ත‍්‍රී පිරිස පවසන්නේ ‘ජනමත විචාරණයකට නම් මං අත්සන් කරන්නේ නෑ. මං අත්සන් කලොත් විතරනෙ ජනමත විචාරණයක් තියන්න පුළුවන්’ යයි ජනාධිපතිවරයා තම කණ්ඩායම සමග පැවසූ බවයි.

මේ අනුව නව ව්‍යවස්ථාව සම්බන්දයෙන් රනිල්-මෛත‍්‍රී දෙපාර්ශවය අතර උද්ගත වී ඇත්තේ මතබේදාත්මක තත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad