ලබන වසරේ සිට යතුරුපැදි මිල ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 20, 2016

ලබන වසරේ සිට යතුරුපැදි මිල ඉහළට

ලබන වසරේ සිට යතුරුපැදි මිල ඉහළට

යතුරුපැදි සඳහා ඒකක අනුපාත ක්‍රමයක් යටතේ බදු අයකිරීමට මෙවර අයවැයෙන් යෝජනා වීමත් සමඟම ඉදිරියේ දී යතුරුපැදි මිල ගණන්වල ඉහළ යාමක් සිදුවිය හැකි බව වාර්තා වේ.

නව බදු සංශෝධන පිළිබඳ කිසිදු දැනුම් දීමක් මේ වන තෙක් තම සමාගම වෙත ලැබී නොමැති බව යතුරුපැදි අලෙවි සමාගමක නියෝජිතයෙකු පැවසී ය.

මෙම නව ඒකක බදු අනුපාත ක්‍රමය අනුව, යතුරුපැදි මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා විය හැකි බවත්, තවමත් තම සමාගම යතුරුපැදි අලෙවි කරන්නේ පැරණි මිල ගණන් යටතේ බවත් ඔහු ස දහන් කළේය.

මෙම නව බදු ක්‍රමය 2017 ජනවාරි 01 දින සිට හෝ 2017 අප්‍රේල් 01 වැනි දා සිට ක්‍රියාවට නැංවීමට බොහෝ විට සිදුවිය හැකි බවත්, නව බදු ක්‍රමයේ සැකැස්ම පිළිබඳ රජය විසින් මේ දක්වා කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad